අර්බුදකාරී තත්ත්වයක් පවතින නිසාත් අගමැතිකම භාර ගැනීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවූ නිසාත් තමන් අගමැතිධුරය භාර ගත් බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසා තිබෙනවා. ඒ ඉන්දියාවේ NDTV නාළිකාව සමග සාකච්ඡාවකට එක්වෙමින්.
“මම මේ අභියෝගය භාර ගත්තේ නැත්නම් අපේ රට මීට වඩා දරුණු තත්ත්වයකට පත් වෙන්න තිබුණා. මම පැමිණ අභියෝගය භාර ගත් නිසා අවම වශයෙන් ආර්ථික පරිහානිය මන්දගාමී කිරීමට හැකි වුණා” යැයි ඔහු එහි සඳහන් කර තිබෙනවා.
“මම අර්බුදයේ අගමැති. දේශපාලන අර්බුදයක් සහ ආර්ථික අර්බුදයක් තිබෙනවා. ඇමැතිවරු මට සහාය දෙනවා කිව්වේ ඒ ප්‍රශ්න විසඳන්නයි. ඒ අය ඇවිත් මගේ පක්ෂයට සහාය දෙනවද කියලා මම බලන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම, අගමැති ලෙස ඔවුන් මට උදව් කරනවා. මම ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා.දේශපාලන ප්‍රශ්නයකදී ඒක පැත්තකින් තියන්න බැහැ. මගේ අවධානය යොමු වෙලා තියෙන්නේ ආර්ථික ප්‍රශ්න ගැන. දේශපාලන ප්‍රශ්න සම්බන්ධයෙන් ගත් කළ, සිදුවන්නේ කුමක්ද යන්න තීරණය කළ යුත්තේ පක්ෂය යි. නමුත් මම හිතන්නේ ආර්ථික තත්ත්වය යථා තත්ත්වයට පත් වූ විට එය කළ යුතුයි.
”ගෝඨාගෝම අරගලයේදී ඔවුන් රජයට ඉවත් වන ලෙස සඳහන් කළත් ආණ්ඩුව ඉවත් වුවත් මේ අවස්ථාවේදි මැතිවරණයක් පැවැත්විමට හැකියාවක් නොමැති බව අගමැතිවරයා පවසන්නේ “මේ අවස්ථාවේදි සාමාන්‍ය ජනතාවට මැතිවරණයක් අවශ්‍ය නැහැ” කියමින්.
කෙසේවෙතත් මේ ආකාරයට මහමැතිවරණයක් අවශ්‍ය නොවන බව කියන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් මහමැතිවරණයේදී කොළඹ දිස්තුික්කයෙන් අන්ත පරාජයකට පත්විය.
පසුව වසරකට අධික කාලයකට පසු ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීමට ඒ මහතා පියවර ගත්තේය.
