හිටපු කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුණ ගැසී තනතුරු ඉල්ලා ඇති බව රජයේ ආරංචි මාර්ග කියා සිටී.
කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපතිවරයා හමුවී ඇති මෙම පිරිස තමන්ට රාජ්‍ය අමාත්‍ය තනතුරු කඩිනමින් ලබා දෙන්නැයි ඉල්ලීමක් කර තිබේ.
තමන් ඇමති ධුර දරද්දී ආරම්භ කරන ලද වැඩසටහන් රැසක් අතර මඟ නවතා දමන්නට සිදු ව ඇති නිසා ඒවා සම්පූර්ණ කිරීම සඳහා අවස්ථාවක් දෙන්නැයි ඔවුන් සඳහන් කර තිබේ.
එහිදී කිහිපදෙනෙකු පෙන්වා දී ඇත්තේ තම ගම් ප්‍රදේශ වලට පවා යාමට හැකියාවක් නැති බවයි.
කෙසේ නමුත් නව රාජ්‍ය අමාත්‍යවරු පත් කරන දිනයක් ගැන ජනාධිපති එහිදී කිසිවක් පවසා නැත.
