ඇමති නිමල් තනතුරුවලින් ඉවත්කිරීම වළක්වමින් වාරණ නියෝගයක්!
අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් ඉවත්කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.
නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ දිසා අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.
එම නියෝගයේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ එම වාරණ නියෝගය ලබන 20 වනදා තෙක් බල පැවැත්වෙන බවය.
ඇමති නිමල් තනතුරුවලින් ඉවත්කිරීම වළක්වමින් වාරණ නියෝගයක්!
2022-06-07T13:30:00+05:30
Gossip Lanka Hot News






