සී.අයි.ඒ ඒජන්තයෙකුට ඇමරිකානු ඩොලර් මිලියන 65ක් දුන් නඩුවෙන් කබ්‍රාල්ට ඇප!
ශ්‍රී ලංකා රජයට අයත් ඇමරිකානු ඩොලර් මිලියන 65 ක මුදලක් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නොතිසි මත අධිකරණයේ පෙනී සිටි හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් රුපියල් මිලියන 10 ක ශරීර ඇපයක් මත මුදාහැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (07) නියෝග කළේය.
මෙම සිද්ධියට අදාළව නව පැමිණිල්ලක් ගොනු කිරීමට ද අධිකරණය පැමිණිල්ලට නියම කළේය.
නුගේගොඩ නාලන්දාරාමාධිපති තීනියාවල පාලිත හිමියන්ගේ පෞද්ගලික පැමිණිල්ලකට අනුව හිටපු මහ බැංකු අධිපතිවරයාට අධිකරණය මගින් මෙසේ නොතීසි නිකුත් කෙරුණේ ඉකුත් 25 වැනිදාය.
ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ගොඩ නැංවීමේ අරමුණ ට මුවා වී එවකට ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ව කරමින් 2014 වර්ෂයේ දී ශ්‍රී ලංකා මහ බැංකුවට අයත් ඇමරිකානු ඩොලර් මිලියන 6.5 ක මුදලක් ඇමරිකානු සී අයි ඒ ඔත්තු සේවයේ නියුතුව සිටි අහම්ඩ් ස්බ්‍රිරි යන අයට ගෙවා ඇති බව පැමිණිලිකරු සිය පැමිණිල්ලෙන් ඉදිරිපත් කර ඇත .
ලංකාදීප –
සී.අයි.ඒ ඒජන්තයෙකුට ඇමරිකානු ඩොලර් මිලියන 65ක් දුන් නඩුවෙන් කබ්‍රාල්ට ඇප!
2022-06-07T13:18:00+05:30
Gossip Lanka Hot News





