gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රන්දෙණිගල-රන්ටැඹේ බලාගාර ජලය හොර පාරෙන් කුඹුරට! පෞද්ගලික ඩීසල් බලාගාරවලින් මිලියන 162ක විදුලිය!

රටේ විදුලි අර්බුදයක් පවතින අවස්ථාවක දී රන්දෙණිගල සහ රන්ටැඹේ ජලාශවල ජලය හොර පාරකින් මුදා හැරීමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා විසින් පොලිස්පතිවරයාට කළ පැමිණිල්ලකට අනුව මේ විමර්ශනය පැවැත්වේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් රන්දෙණිගල සහ රන්ටැඹේ ජලාශ පරිශ්‍රයට ගොස් නිරීක්ෂණ කරමින් එම ජලාශය භාර නිලධාරීන් 17 දෙනකුගෙන් මේ වන විට ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

ඉකුත්දා (08) මධ්‍යම රාත්‍රී 12.00 සිට 09 වැනිදා සවස 2.00 දක්වා මේ ජාතික අපරාධය සිදුව ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නිරීක්ෂණය වී ඇත. ටර්බයින් මඟින් විදුලි උත්පාදනයක් නොකර ගොවිබිම්වලට ජලය නිකුත් කරන ඇළ මාර්ගයක් ඔස්සේ ජලය නිකරුණේ මුදාහැර ඇති බව එහි දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අනාවරණය වී තිබේ.

විදුලිය නිෂ්පාදනය කිරීමට ඇති ජලය එසේ හොර පාරෙන් නිකරුණේ මුදාහැරීම හේතුවෙන් එදින ජාතික විදුලිබල පද්ධතියට පෞද්ගලික තාප විදුලි බලාගාර දෙකකින් විදුලිය මිල දී ගැනීමට සිදුව ඇති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනයේදී අනාවරණය වී ඇත. ඒ වෙනුවෙන් අදාළ පෞද්ගලික විදුලි බලාගාරවලට ගෙවා ඇති මුදල රුපියල් මිලියන 162ක් බව ද සඳහන්ය.

ජලය මුදා හැරීම සහ පෞද්ගලික බලාගාරවලින් විදුලිය ගැනීම විදුලිබල මණ්ඩලයේ යම් නිලධාරීන් කණ්ඩායමකගේ පෞද්ගලික වාසිය වෙනුවෙන් සිදු වූවක් දැයි සොයා වැඩි දුර විමර්ශන මේ වන විට සිදු වෙමින් ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka