දේශබන්දු මාරු නොකළාට නීතිපතිට කේන්ති යයි! යළිත් වතාවක් පොලිස්පතිට සැර උත්තරයක් දෙමින් ලියුමක් ලියයි!
බස්නාහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා හට ස්ථාන මාරුවක් ලබා දෙන ලෙසට කළ ලිඛිත දැනුම් දීම පැහැර හැරීම සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළ කරමින් නීතිපතිවරයා පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා වෙත යළිත් වතාවක් දීර්ඝ ලිපියක් යොමු කොට ඇති බව වාර්තා වේ.
එම ලිපිය මගින් නීතිපතිවරයා පෙන්වා දී ඇත්තේ මැයි 9 වැනිදා සිදුවූ ප්‍රහාරය සම්බන්ධයෙන් පවත්වන විමර්ශනවලට තෙන්නකෝන් මහතා හට මාරුවක් ලබා නොදීම හේතුවෙන් බලපෑමක් ඇතිවිය හැකි බවට සබුද්ධික ඕනෑම අයකුට වැටහෙන බවය.
එමෙන්ම මෙම ස්ථාන මාරුව ලබා නොදීම සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා පවා සිය අප්‍රසාදය පළ කොට ඇති බවද නීතිපතිවරයා සිය ලිපියෙන් දැනුම් දී තිබේ.
දේශබන්දු මාරු නොකළාට නීතිපතිට කේන්ති යයි! යළිත් වතාවක් පොලිස්පතිට සැර උත්තරයක් දෙමින් ලියුමක් ලියයි!
2022-06-29T10:47:00+05:30
Gossip Lanka Hot News






