gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

EXCLUSIVE : ෆර්ඩිනැන්ඩෝ තවත් බෝම්බයක් අතහරී! කෝප් එක වීඩියෝව එළියට නොදාන්න තීන්දු කරයි! හේතුව අතිසංවේදී කරුණු හෙළිකිරීමද?

අද දිනයේදී විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපති එම්.එම්. සී. ෆර්ඩිනැන්ඩෝ මහතා කෝප් කමිටුව හමුවේ ආන්දෝලනාත්මක හෙළිදරව් කිරීම් රැසක් සිදුකොට ඇති බව දැනගන්නට තිබේ.

ඉකුත් කෝප් කමිටුවේදී ජනාධිපතිවරයා හා අදානි සමාගම සම්බන්ධයෙන් ඒ මහතා කර තිබූ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පැහැදිලි කර ගැනීම සදහා මෙසේ ඒ මහතා අද දින කෝප් කමිටුව හමුවට කැදවා තිබිණ.

අද පෙරවරු 11ට කෝප් කමිටුව හමුවට පැමිණ ඇති ඒ මහතා පස්වරු 2 දක්වා සිය ප්‍රකාශය ලබා දී ඇති බව දැනගන්නට තිබේ.

මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ ඊට අදාළ වීඩියෝ පටය මාධ්‍යයට මුදානොහැරීමට කෝප් කමිටුව තීරණය කර තිබීමය.

යම් හෙයකින් එය මාධ්‍යයට මුදා හැරියහොත් බරපතළ අර්බූදයක් ඇතිවිය හැකි බවට වූ උපකල්පනය මත ‌මෙසේ වීඩියෝව මාධ්‍යයට මුදා නොහැරීමට කෝප් කමිටුව තීරණය කොට ඇති බව දැනන්නට ඇත.

ඒ සදහා විපක්ෂයේ එකතතාවය ලැබී ඇති බවද වාර්තා වේ.

මෙම වීඩියෝව සම්බන්ධයෙන් විද්‍යුත් මාධ්‍යවේදීන් කමිටු සභාපති චරිත හේරත් මහතාගෙන් විමසද්දී ඒ මහතා සදහන් කොට ඇත්තේ පස්වරු 7.30ට ඊට අදාළව ප්‍රවෘත්ති නිවේදනයක් පමණක් නිකුත් වනු ඇති බවකි.

කෙසේවෙතත් මෙතෙක් පැවැති සම්ප්‍රදාය වී තිබුණේ කෝප් කමිටුවේ වීඩියෝ පට පස්වරු 7.30ට පාර්ලිමේන්තු සැසිවාර විකාශය වන පියෝටීවී හි අංක 91 නාළිකාව ඔස්සේ මුදාහැරීමය.


gossip lanka
gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka