රෝහල්වල ඖෂධ හිගයක් නැති බව තමා සදහන් කළේ නිලධාරීන් තමා වෙත ලබාදුන් දත්ත වාර්තාවන් පදනමක කර ගනිමින් බවත් ඇති වී තිබෙන ඖෂධ හිඟය තමන් පිළිගන්නා බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැලල් පවසයි.
ඇමතිවරයා මේ බව පවසා ඇතතේ වෛද්‍ය හා සිවිල් අයිතිවාස්කම් පිලිබද වෛද්‍යවරුන්ගේ සන්ධානයේ සාමාජිකයින් සමග අද (23) පැවති සාකච්ඡාවකදීය.
මේ අනුව සන්ධානයේ සාමාජිකයින් ඇමතිවරයාට ලබා දුන් ඖෂධ ප්‍රමුඛතා ලැයිස්තුව වහාමට ඉන්දියාවෙන් ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගතහැකිද යන්න සොයා බලන්නැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධනට ඇමතිවරයා උපදෙස් ලබා දී ඇත.
