එරෝෆ්ලෝට් ප්‍රශ්නයේ බරපතළකම ඇමැති දිනේෂ්ට තේරෙයි! ආර්ථිකයට හානිවෙන්න කලින් වහාම විසඳන්න කියයි!
බරපතළ හානියක් වීමට පෙර, රුසියානු ගුවන් යානය ගැන ප්‍රශ්නය, බලධාරීන් විසින් වහා විසඳිය යුතු යැයි ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
” ශ්‍රී ලංකාවේ රදවාගෙන තිබෙන රුසියානු ගුවන් යානය පිළිබඳ ප්‍රශ්නය වහාම විසඳීම මෙරටබලධාරීන් කටයුතු කළ යුතුයි. දෙරට අතර හා ආර්ථික වශයෙන්ද විශාල හානියක් සිදුවීමට මත්තෙන් අවශ්‍ය පියවර ගැනීමට වහා ක්‍රියා කළ යුතුයි. ” හෙතෙම කීය.
අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, කැස්බෑව- ගොරකපිටිය ප්‍රදේශයේ අද (04) පැවති උත්සවයකින් අනතුරුව මේ බව ප්‍රකාශ කළේය.
එරෝෆ්ලෝට් ප්‍රශ්නයේ බරපතළකම ඇමැති දිනේෂ්ට තේරෙයි! ආර්ථිකයට හානිවෙන්න කලින් වහාම විසඳන්න කියයි!
2022-06-04T14:07:00+05:30
Gossip Lanka Hot News






