යළි සෞඛ්‍ය රාජ්‍ය ඇමති වී එන බව කියමින් හිටපු චන්න ඇමති අමාත්‍යාංශ කටයුතු වලට අත දායි!
හිටපු ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය ඇමති මෙන්ම සති දෙකේ කැබිනට්ටුවේ සෞඛ්‍ය ඇමති නව රජයේ සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යවරයා ලෙස යළිත් පත්වී එන බව දන්වමින් අමාත්‍යාංශයේ කටයුතුවලට මැදිහත්වීම් කරමින් ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.
අතිරික්ත සේවකයින් ප්‍රමාණාත්මකව අඩු කිරීමට රාජ්‍ය ප්‍රතිපත්තියක් ලෙස ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරමින් ඇති අවස්ථාවක හිටපු අමාත්‍යවරයා සිය ගමේ ස්ථාපිත කළ ඖෂධ ගබඩාවේ සේවයට යොදවා ඇති ඔහුගේ දේශපාලන හිතවතුන් පිරිසකගේ ජුනි 16 අවසන්වන සේවා ගිවිසුම් තවත් වසරකින් දීර්ඝ කරගැනීමේ මෙහෙයුමක් අරඹා ඇති බවද එම ආරංචි මාර්ග කියයි.
සෞඛ්‍ය සේවයේ සේවා අතිරික්තයක් තිබෙද්දී හුදු දේශපාලන හිතවත්කම් මතම මෙම පත්වීම් ලබා දී ඇති බවත් මෙම සේවකයින් දේශපාලන බලය සහිතව ඖෂධ ගබඩාව තුළ අනීතිකව හැසිරෙමින් සිටි බවත් එම ආරංචි මාර්ග කියයි.
මෙම කොන්ත්‍රාත් සේවකයන්ගෙ හැසිරීම පිළිබඳ අදාළ ගබඩාවේ නිලධාරීන් වෛද්‍ය සැපයීම් අංශ පරිපාලනය දැනුවත් කිරීමෙන් පසු හිටපු රාජ්‍ය ඇමතිවරයා එම නිලධාරීන් ගෙන්වා බැන වැදී ඇත.
ඒ අවස්ථාවේදී තමන් නැවතත් රාජ්‍ය ඇමතිවරයා ලෙස අමාත්‍යාංශයට පැමිණෙන බවද ඔහු එම නිලධාරීන්ට අනතුරු ඇඟවීමක් ලෙස දන්වා ඇත.
උපුටා ගැනීම : lankasara
යළි සෞඛ්‍ය රාජ්‍ය ඇමති වී එන බව කියමින් හිටපු චන්න ඇමති අමාත්‍යාංශ කටයුතු වලට අත දායි!
2022-06-04T13:37:00+05:30
Gossip Lanka Hot News






