gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පොහොට්ටුවේ සහාය 21 දෙන්න නම් ඉන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි විය යුතුයි - මහින්ද රාජපක්ෂ

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනයට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුනේ සහයෝගය ලැබෙන්නේ එයින් විධායක ජනාධිපති ධුරය අහෝසි වෙනවා නම් පමණක් බව හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසා ඇත.

21 වැනි සංශෝධනයෙන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොවනවා නම් ඉන්  රටට ප්‍රයෝජනකුත් නොවේනම් එය සම්මත කරගැනිමට කිසිදු සහයෝගයක් පොදුජන පෙරමුණ විසින් ලබා නොදෙන බව ඔහු අවධාරණය කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරීන් සහ හිටපු අග්‍රාමාත්‍යරවයා අතර පැවති සාකච්ඡාවක දී ඒ බව පවසා ඇති  ඔහු  අද රටේ මූලික අවශ්‍යතාවය 21 වැනි සංශෝධනය නොව ජනතාව මුහුණ පා ඇති මූලික ප්‍රශ්න විසඳීම බව පෙන්වා දී තිබේ.

ජනතාවට රටට වැඩක් කළ හැකි වන පරිදි පාර්ලිමේන්තුවට බලය ලැබී එය ශක්තිමත් වෙනවානම් ඊට සහයෝගය ලබා දීම සිය පක්ෂයේ අරමුණ වුවත් එසේ නොමැතිව හිස් සංශෝධනයකට සහාය ලබා දීමෙන් ජනතා අපේක්ෂා ඉටු නොවන බවත්  ඔහු පෙන්වා දී ඇත.

විධායක ජනාධිපතිවරයා සතු බලතල ගලවා බලයක් නැති අගමැතිවරයෙකුට එම බලතල පැවරෙනවා නම්  ඊට කිසි ලෙසකින්වත් එකඟ විය නොහැකි බව පවසන මහින්ද රාජපක්ෂය එය වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයකට සිදුවිය යුතු බව අවධාරණය කර තිබේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka