gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගෙදර ගිය ලලිත් වීරතුංග ආයෙමත් වැඩට එයි! ජනාධිපති ලේකම් කාර්යාලයේ කාමරය නැතිවෙයි! ජනාධිපති මන්දිරයේ ඉඳන් වැඩ පටන් ගනී!

ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයකු ලෙස කටයුතු ක‌ර සේවයෙන් ඉවත් වූ ලලිත් වීරතුංග මහතා නැවත වතාවක් ජනාධිපති මන්දිරයේ රාජකාරී ආරම්භ කොට ඇති බව වාර්තා වේ. පසුගිය කාලයේදී ගෝඨා ගෝ ගම උද්ඝෝෂණ උණුසුම් වීමත් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ කටයුතු කළ ලලිත් වීරතුංග මහතා සිය තනතුරින් ඉවත් වීමට පියවර ගෙන තිබිණ.

කෙසේවෙතත් මේ වනවිට ගෝඨාගෝගම උද්ඝෝෂණ ව්‍යාපාරයේ උණුසුුම අවම වීමත් සමග යළිත් ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ ඇති ලලිත් වීරතුංග මහතා සිය රාජකාරී ආරම්භ කිරීමට කටයුතු කර තිබුණද මේ වනවිට ඔහු රැදී සිටි කාර්යාලය වත්මන් ජනාධිපති ලේකම් අනුර දිසානායක මහතාගේ කාර්යාලයට සම්බන්ධ කර තිබීම නිසා ස්ථානයක් සොයා ගැනීමට නොහැකි තත්ත්වයක් මතුව ඇත.

ඒ අනුව වීරතුංග මහතා මේ වනවිට ජනාධිපති මන්දිරයේ සිට සිය රාජකාරී යළිත් ආරම්භ කොට ඇති බව දැනගන්නට ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka