gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

"මට අවුරුදු පහකට ජනවරමක් දුන්නා...ධුරයෙන් ඉවත්ව යන්න බැහැ...නැවත ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙන්නේ නෑ" - ගෝඨාභය කියයි

තමාගේ ධුර කාලයේ ඉතිරි වසර දෙක අවසන් කරන බවත් නැවත ජනාධිපතිවරණයකට ඉදිරිපත් නොවන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා ඇත.

‌ජාත්‍යන්තර මාධ්‍ය ආයතනයක් වන ‘බ්ලූම්බර්ග්’ සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පවසා ඇත.

මාස ගණනක් මුළුල්ලේ විරෝධතා පැවැතිය ද ජනාධිපති ධුරයෙන් ඉවත් නොවන බවත් තමාගේ ධුර කාලයේ ඉදිරි වසර දෙක අවසන් කරන බවත් ජනාධිපතිවරයා මෙහිදි සඳහන් කර ඇත.

කෙසේ නමුත් නැවත වරක් ජනාධිපතිවරණයකට ඉදිරිපත් නොවන බව පවසා ඇති ජනාධිපතිවරයා තමන් මේ මොහොතේ අවධානය යොමු කර ඇත්තේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම පිළිබඳව බවත් පවසා ඇත.

“අසාර්ථක ජනාධිපතිවරයකු ලෙස මට ධුරයෙන් ඉවත්ව යන්න බැහැ. මට අවුරුදු පහකට ජනවරමක් දුන්නා” ජනාධිපතිවරයා තවදුරටත් පවසා ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka