gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගාල්ලේ දී හමුදාව ජනතාවගේ මූලික අයිතිවාසිකම් අහිමිකළ හැටි මෙන්න (VIDEO)

තම අදහස් නිදහසේ ප්‍රදර්ශනය කරමින් සිටි තරුණයන් පිරිසකට ඊයේ (29) ගාල්ල කොටු පවුර මත දී යුද හමුදා නිලධාරීන් විසින් බාධා කරමින් ඔවුන්ගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගාල්ලේ නීතිඥයෝ නීතිඥ සංගමයට දැනුම් දී තිබේ.

නීතිඥයන් පවසන්නේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සියලු පුරවැසියන්ට ලැබී ඇති භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස සීමා කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට බැඳී සිටින යුද හමුදාව කටයුතු කිරීම වරදක් බවයි.

තරුණයන් පස් දෙනකුගෙන් යුතු කණ්ඩායමක් ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රිකට් තරඟයේ පළමු දිනයේ දී ගාලු කොටු පවුර මතට නැගී Gota Go Home යනුවෙන් සඳහන් පුවරු කිහිපයක් ඔසවාගෙන සිටියහ. එම ස්ථානයට පැමිණි යුද හමුදාවේ නිලධාරීන් පිරිසක් ඔවුන්ට බැන වදිමින් එම පුවරු ඉවත්කිරීමට නියෝග කර තිබේ. එහි දී නිලධාරීන් මේ තරුණයන්ට “තමුසේ” යනුවෙන් ද ආමන්ත්‍රණය කරන අතර ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට බැඳී සිටින යුද හමුදාව එම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන අවස්ථාවක් බව නීතිඥවරු කියති.

එමෙන් ම ගාලු කොටු පවුර යනු ඕනෑම සිවිල් පුරවැසියකුට නිදහසේ ඇවිද යාමටත් රැඳී සිටීමටත් අවසර ඇති ස්ථානයකි. එම ස්ථානයේ සිටින සාමාන්‍ය සිවිල් පුරවැසියන් ඉවත්කිරීටම යුද හමුදාවකට බලයක් නැත. එවැනි කාර්යයක් කරන්නට හැකියාවක් ඇත්නම් එය කළ හැක්කේ ශ්‍රී ලංකා පොලිසියට පමණි.

නමුත් ආයුධ සන්නද්ධ යුද හමුදා නිලධාරීන් පොලිසිය විසින් කළ යුතු කාර්යයකට මැදිහත් වී ඇත.

මෙහි පැමිණි නිලධාරීන් “උඹලගේ පැත්තට එන්නද කියන්නේ” යනුවෙන් තරුණයන්ගෙන් ප්‍රශ්න කරයි. එයින් ගම්‍ය වන්නේ යුද හමුදාවට පැත්තක් ඇති බවයි. රටේ යුද හමුදාවට පැත්තක් තිබිය නොහැක. මෙලෙස ප්‍රකාශ කිරීම රට හමුවේ බරපතල ගැටලුවක් නිර්මාණය කිරීමක් බව ද ගාල්ලේ නීතිඥයෝ පෙන්වා දෙති.

Shane warne stand යනුවෙන් සඳහන් පුවරු සහ එවැනි තව විශාල බැනර් තිබියදී Go home gota බැනර පමණක් යුද හමුදාව විසින් ඉවත් කළේ “ජාතයන්තරේ ඉස්සරහා රට විහිලුවක් කරන්න එපා” යැයි කියමිනි. නමුත් ඔවුන් මෙරට සිවිල් පුරවැසියන්ට නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය අමු අමුවේ උල්ලංඝනය කරමින් ඔවුන්ගේ මානව අයිතියට අභියෝග කරමින් ඊයේ (29) රටට තවත් අපකීර්තියක් එක් කළේය.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති සාලිය පීරිස් වෙත ගාල්ලේ නීතිඥයෝ ඊයේ (29) දිනයේ දී ම මෙලෙස දැනුම් දී තිබේ.

“වර්තමාන පාලනයට එරෙහිව අද දින ගාලු කොටු  පවුර මත විරෝධතා පුවරු ඔසවාගෙන සිටි පිරිස් යුධ හමුදාව  සහ පොලිසිය  මැදිහත් වී ඉවත් කිරීමට  කටයුතු  කර තිබේ.ගාල්ල  කොටු  පවුර යනු ඕනෑම පුද්ගලයකුට නිදහසේ ප්‍රවේශ වීමට අයිතිය  ඇති  ස්ථානයකි.එසේම පුද්ගලයකුගේ  අදහස් ප්‍රකාශ කිරීමට බාධා කිරීමට පොලිසියට හෝ යුධ හමුදාවට කිසිදු  අයිතියක් නොමැත.

ජනපීඩක පාලකයන්ගේ අදූරදර්ශී හා වගකීම් විරහිත පාලනය හේතුවෙන්  සියලු ආකාරයෙන් පීඩාවට පත් ජනතාවට දැන් ඉතිරිව ඇත්තේ  එයට විරෝධය පෑම පමණකි.එකී තත්වය තුල අද දින සිදුවූ ඉහත කී නීතිවිරෝධී සහ ජනතාව බිය ගන්වන මර්ධනීය ක්‍රියාපිලිවෙතට එරෙහිව ශ්‍රි ලංකා නීතීඥ  සංගමය කඩිනමින් මැදිහත්වී කටයුතු කරන ලෙස ඉල්ලා සිටිමි.”

ඊයේ (29) යුද හමුදාව විසින් කරන ලද එම ක්‍රියාවට විරෝධය දක්වමින් තම අදහස් නිදහසේ ප්‍රකාශ කිරීමේ අරමුණින් අද (30) තරුණයන් පිරිසක් සහ නීතිඥයන් කණ්ඩායමක් ගාලු කොටු පවුර මතට නැග Go Home Gota යන පුවරු ප්‍රදර්ශනය කිරීමට නියමිතය.

- rata



gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka