gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ගෝල්ෆේස් අරගලය දැඩි වෙයි! ජනාධිපති කාර්යාල සියළු පිවිසුම් වසා අට්ටාල හදති! සේවකයන් නිවාස අඩස්සියේ!

කොළඹ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට විරෝධයේ දෙන විරෝධතාකරුවන් විසින් ජනාධිපති කාර්යාලයට පිවිසෙන සියලු පිවිසුම් මාර්ග අවහිර කර තිබේ.

මෙතෙක් විවෘතව තිබූ පියුම් දෙක ද අවහිර කරමින් ඔවුන් විසින් කූඩාරම් ඉදි කර ඇතැයි පොලීසිය සඳහන් කරයි.

මෙම තත්වය සමග එම කාර්යලයේ සිටි පිරිසකට පිටවීමට නොහැකි වී ඇති අතර සෙසු පිරිසට රාජකාරි කිරීමට ඇතුළුවීමට නොහැකි වී ඇත.

ජනාධිපති කාර්යාලය ඉදිරියේ ඊයේ රාත්‍රී උණුසුම් තත්ත්වයක් හටගෙන තිබුණේ ජනාධිපති කාර්යාලයේ ගේට්ටුව ඉදිරිපිට අරගලකරුවන් කලහකාරී ලෙස හැසිරීමත් සමඟයි.

ආරක්ෂක අංශ යොදවා මේ වන විට ජනාධිපති කාර්යාලය ආරක්ෂාව තර කිරීමට කටයුතු කර ඇත.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka