gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අරගලකරුවන් 4 දෙනෙකුට ඇප ලැබෙයි. සෙසු අයට ලැබෙන තුරු ඔවුනුත් නතර වෙයි!

ජුනි 09 සහ 10 යන දිනවල පැවති විරෝධතා උද්ඝෝෂණ දෙකක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි 07 දෙනා අතරින් ජගත් මනුවර්ණ, ජෙහාන් අප්පුහාමි, එරංග ගුණසේකර සහ ධම්මික මුණසිංහ යන සිව්දෙනා ඇප මත නිදහස් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (24) නියෝග කර තිබේ.

එම සිද්ධීන්ට අදාළවම අත් අඩංගුවට ගෙන සිටින රැට්ටා හෙවත් රතිඳු සේනාරත්න, රත්කරව්වේ ජිනරතන හිමි සහ ළහිරු වීරසේකර යන අය ජුලි 01 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි අධිකරණය නියෝග කර ඇත්තේ.

කෙසේවෙතත් තමන් සමගම අත් අඩංගුවට පත්වූ සෙසු තිදෙනාටත් ඇප ලැබෙන තුරු ඇප තැන්පත් නොකර බන්ධනාගාරගතවම සිටීමට මනුවර්ණ, ජෙහාන්, ධම්මික සහ එරංග තීරණය කර ඇති බවත් වාර්තා වේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka