පාලකයන්ගේ වරදට දරුවන් බිල්ලට දෙයි! අවුරුදු 5ට අඩු ළමයින් සිටිනා මව්වරුන්ට විදේශ රැකියා බාධාව ඉවතට?
අවුරුදු 5ට අඩු ළමයින් සිටිනා මව්වරුන්ට විදේශ රැකියා සදහා පිටත්ව යෑමේ බාධාව ඉවත් කිරීමට මෙවර කැබිනට් මණ්ඩලයේදී අවධානය යොමුකර ඇති බව හිටපු අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසයි.
සිය ට්විටර් ගිණුමෙන් ඔහු ප්‍රශ්න කරන්නේ රට විදේශ විනිමය අර්බුදයක පැවැතියත් අපගේ සමාජ වටිනාකම් ඉවත් කළ යුතුද යනුවෙනි.
පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමේදි විදෙස් රැකියා සඳහා පිටත්ව යන කාන්තාවන්ගේ වයස් සීමාව අවුරුදු 21ක් දක්වා පහළ දැමීමටද තීරණය කළේය.
පසු සටහන
ශ්‍රී ලංකාව මේ වන විට පත්ව ඇති අර්බුදකාරී තත්ත්වයට රටක් වශයෙන් අප සියලු දෙනා වගකිව යුතුව ඇතත් එයින් වැඩි කොටසක් රට කරවූ පාලකයන්ට බැර වෙයි. පාලකයන්ගේ අණුවන තීරණ හේතුවෙන් මේ වන රටක් ලෙස අප සියලු දෙනාම බැට කමින් සිටින්නෙමු.
කෙසේ වෙතත් ඒ් සඳහා විසඳූම් සෙවීමේ අරමුණින් ගෘහ සේවයට කාන්තාවන් පිටත් කිරීම වේගවත් කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටියි. නමුත් ඒ හරහා දරුවන් අනාරක්ෂිත තත්ත්වයට වැටෙයි නම් එහි ප්‍රතිඵල අපට නුදුරු අනාගතයේදී විදීමට සිදුවෙනු ඇත.
- අද
පාලකයන්ගේ වරදට දරුවන් බිල්ලට දෙයි! අවුරුදු 5ට අඩු ළමයින් සිටිනා මව්වරුන්ට විදේශ රැකියා බාධාව ඉවතට?
2022-06-27T11:56:00+05:30
Gossip Lanka Hot News







