විපක්ෂය පාර්ලිමේන්තුව වර්ජනය කරපු දවසේ දිනේෂ් අලුත් ජන්ද ක්‍රමය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා! අස්සන් කරලා තියෙන්නේ පොහොට්ටුවයි-දේවානන්දයි විතරයි!
මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීති ප්‍රතිසංස්කරණ හඳුනා ගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධනයන් ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාව, එහි සභාපති සභානායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පසුගිය 22දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇත.
මෙහි විශේෂත්වය වන්නේ විපක්ෂයේ ප්‍රධාන පක්ෂ වන සමගි ජන බලවේගයත්, ජනතා විමුක්ති පෙරමුණත් එදින පාර්ලිමේන්තුව වර්ජනය කර තිබියදී ඔවුන්ගේ අවසන් අනුමැතියකින් තොරව මෙම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමය.
ඒ අනුව අවසන් වරට පැවැති කමිටු සාකච්ජාවට සහභාගී වී ඇත්තේ පොහොට්ටුවේ මන්ත්‍රීවරුත්, අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාත් පමණි.
ඊට අස්සන් කොට ඇත්තේද එම පිරිස පමණි.
මේ සම්බන්ධයෙන් සමගි ජන බලවේගයත්, ජනතා විමුක්ති පෙරමුණත් සිය විරෝධය දැනටමත් පළ කොට ඇති අතර ඉදිරියේදී පාර්ලිමේන්තුවේදී ඒ පිළිබදව ප්‍රශ්න කිරීමටද ඔවුන් සූදානමින් සිටින බව වාර්තා වේ.
විපක්ෂය පාර්ලිමේන්තුව වර්ජනය කරපු දවසේ දිනේෂ් අලුත් ජන්ද ක්‍රමය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා! අස්සන් කරලා තියෙන්නේ පොහොට්ටුවයි-දේවානන්දයි විතරයි!
2022-06-27T07:35:00+05:30
Gossip Lanka Hot News






