ස්වාමියාට ගහනකොට මොන බිරිඳද බලාගෙන ඉන්නේ…. අපි දරුවෝ දෙන්නා පොලීසියට හෙට ඉදිරිපත් කරනවා – දිලිප් වෙදආරච්චි
දක්ෂිණ අධ්වේගී මාර්ගයේ වීරකැටිය බැඳිගම පිවිසුමේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමට චෝදනා එල්ල වූ , පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතාගේ පුත්‍රයා සහ ලේළිය හෙට (06) දින පොලීසියට ඉදිරිපත් කරන බව මන්ත්‍රීවරයා අද (05) ප්‍රකාශ කළේය.
පළාගිය එම යුවළට නවාතැන් දුන් සංචාරක හෝටල් හිමිකරුවෙකු ද ඊයේ (04) වීරකැටිය පොලිසීය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි,
“පොලීසියෙන් ගැහුවා මගේ පුතාට. ගහපු නිසා තමයි කුණුහරුප කිව්වේ. තමන්ගේ ස්වාමියාට ගහනකොට මොන බිරිඳද බලාගෙන ඉන්නේ. සඳුදාට අපි අපේ දරුවෝ දෙන්නා ඉදිරිපත් කරනවා පොලීසියට.”
ස්වාමියාට ගහනකොට මොන බිරිඳද බලාගෙන ඉන්නේ…. අපි දරුවෝ දෙන්නා පොලීසියට හෙට ඉදිරිපත් කරනවා – දිලිප් වෙදආරච්චි
2022-06-05T21:56:00+05:30
Gossip Lanka Hot News






