දුම්රිය මගින් භාණ්ඩ ප්‍රවාහනය කිරිම වෙනුවෙන් ආයතන 31කින් දුම්රිය දේපාර්තමේන්තුවට ලැබිය යුතු රුපියල් 11,89,34,728ක ( රුපියල් එකොලොස් කෝටි අසූ නව ලක්ෂ තිස් හතර දහස් හත්සිය විසි අටක) හිග ආදායම අයකරගැනිමට නොහැකිවි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් දුම්රිය දේපාර්තමේන්තුව සම්බන්දයෙන් 2020 වර්ෂයට අදාල නිකුත්කොට ඇති වාර්ෂික විගණන වාර්තාවේ සදහන් වේ.
භාණ්ඩ ප්‍රවාහනය කිරීමෙන් ආයතන 16කින් ලැබිය යුතු රුපියල් 2,03,07,403ක (දෙකෝටි තුන්ලක්ෂ හත් දහස් හාරසිය තුනක) මුදල වසර 20ක කාලයක සිට හිග මුදල් වශයෙන් පවතින බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
වසර ගණනාවක සිට ලැබිය යුතු මෙකි හිඟ මුදල් නිරවුල් කරන මෙන් අදාල ආයතන වෙත දුම්රිය දේපාර්තමේන්තුව මගින් යවන ලද ලිපි එවැනි ආයතනයන් නොමැති බව දන්වා නැවත හරහා එවා තිබේ.
එමෙන්ම මෙම ආයතන වර්ෂ ගණනාවක සිට වෙළඳ බිල්පත් ක්‍රමය යටතේ භාණ්ඩ ප්‍රවාහනය වෙනුවෙන් ක්‍රියාත්මකව නොමැති බවද විගණන වාර්තාවේ සදහන් වේ. ඒ අනුව අදාල හිඟ මුදලඅයකරගැනිමට නොහැකිවි ඇත.
