අද දිනයේ 21 වන සංශෝධනය සම්බන්ධයෙන් පැහැදීලි කිරීම සදහා අගමැතිවරයා කැඳවූ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් ශ්‍රීලනිප මහලේකම් දයාසරි ජයසේකර මහතා නැගිට ගොාස් ඇති බව වාර්තා වේ.
අගමැතිවරයා කැදවා තිබූ මෙම රැස්වීමට මුලින් ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීනව සිටින අනුර ප්‍රියදර්ශන යාපා මහතා සහ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් වූ දයාසිරි ජයසේකර සහ ලසන්ත අලගියවන්න යන මහත්වරුන්ද සහභාගී වී සිටියද පසුව ආණ්ඩු පක්ෂයේ රැස්වීමක් වූ බැවින් දයාසිරි ජයසේකර මහතා ඉන් ඉවත් වීමට පියවර ගෙන ඇත.
නමුත් පසුව ප්‍රේම්නාත් දොලවත්ත මහතා ඔහුව රැස්වීමේ නවත්වා ගැනීමට පියවර ගෙන තිබේ.
එහෙත් අවසානයේදී ඊට විරෝධය පා දයාසිරි ජයසේකර මහතා රැස්වීමෙන් ඉවත් වීමට පියවර ගෙන ඇත.
