gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කිඹුල් කඳුලු හලන ඩඩ්ලි ලා මහා ජාවාරමක! දවස් 10ට කුස්සියෙන් මිලියන 500ක් කොල්ලකාලා!

ඩඩ්ලි සිරිසේන ඇතුළු මෙරට ප්‍රධානතම සහල් නිෂ්පාදකයින් තිදෙනා පසුගිය දින 10 තුළ ලැබූ අයුතු ලාභය රුපියල් මිලියන 500ක් බවට එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා චෝදනා කරයි.

“ඩඩ්ලි සිරිසේන මහත්තයා කියනවා නාඩු සහල් තොග දෙන්නෙ 218 ට කියලා. ලංකාවේ නාඩු සහල්වලට උපරිම සිල්ලර මිල 220 යි. එතකොට 218 ට තොග අරගෙන සිල්ලර වෙළඳාම 220 ට ඉවර කරන්න වෙළෙන්දන්ට හැකියාවක් නෑ.

218 ට තොග දෙනවා කියන්නෙම ඔහු පොළඹවනවා සිල්ලර වෙළඳසැල් හිමියාව මේ උපරිම සිල්ලර මිල ඉක්මවා අලෙවි කරන්න. මොකද රුපියල් 2කින් සිල්ලර වෙළෙන්දෙකුගේ වියදමවත් ආවරණය කරගන්න බෑ, අඩුම ගාණෙ රුපියල් 5 – 6 ක්වත් ලාභ පරිමාවක් තිබ්බොත් තමයි ඔහුට මේක කරගෙන යන්න පුළුවන්.

ඒ නිසා ඩඩ්ලි සිරිසේන මහත්තයා ඇතුළු මහා පරිමාණ මෝල් හිමියන්ට අපි කියනවා තවදුරටත් මේ උපරිම සිල්ලර මිල කඩවෙන විදියේ තොග මිලක් නියම කරන්න එපා, සිල්ලර වෙළෙන්දාටත් සාධාරණ ලාභයක් තියෙන විදියේ තොග මිලක් නියම කරන්න.

ඒ වගේම බරපතළම කාරණය තමයි පහුගිය දවස් 10 පුරා මේ මහා පරිමාණ කණ්ඩායම ලංකාව තුළ සහල් තොග මුදාහැරියේ රුපියල් 240 – 250 – 270 වගේ මිලකට. අපි මේ කියන රුපියල් 215ට සහල් දුන්නත් ප්‍රධාන මහා පරිමාණ සහල් නිෂ්පාදකයින් තුන්දෙනාට දවසකට කෝටි 10කට අධික ලාභයක් ලැබෙනවා.

මෙච්චර මේ ආර්ථික ප්‍රශ්නයක් ජනතාවට වෙලා තියෙන වෙලාවෙ මේ ප්‍රධාන ව්‍යාපාරිකයො තුන්දෙනෙක් දවසකට කෝටි 5 ගාණෙ මංකොල්ල කෑවා. ඒ කියන්නෙ දවස් 10ට රුපියල් මිලියන 500ක් කුස්සියේ තිබ්බ සල්ලි මංකොල්ල කෑවා. ඒ කියන්නෙ හාල් කිලෝ එක අරන් යන්න බැරුව මිනිස්සු බලා ඉද්දී මේ තුන්දෙනා මංකොල්ල කෑවා”

මුදිත් පෙරේරා මේ බව පැවසුවේ ඊයේ (19) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka