රුසියානු ‘‘එරෝෆ්ලොට්‘‘ ගුවන් සමාගමට අයත් ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළේ රඳවා තැබාගැනීමේ සිදුවීමට අදාළ චෝදනාවට ලක්ව සිටින කොළඹ වානිජ මහාධිකරණ පිස්කල්වරයාගේ වැඩ තහනම් කළ බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යාසථා ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය සඳහන් කරයි.
මෙම සිද්ධියට අදාළ චෝදනා ලබා ඇති නීතිඥවරයාට එරෙහිව පියවර ගැනීමට සුදුසු බව දන්වමින් අගවිනිසුරුවරයා වෙත ද ලිඛිතව දන්වා යැවීමට අධිකරණ අමාත්‍යංශය කටයුතු යොදා ඇති බව ද එම අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේක්ම් නීතිඥ දසුන් නාගස්හේන මහතා පවසයි.
