ඉන්ධන පිරවුම් හල් ආසන්නයේ කලහකාරී ලෙස හැසිරෙන පුද්ගලයන් සම්බන්ධයෙන් අවම බලය භාවිතා කරන ලෙස පොලිසියට උපදෙස් ලබාදී තිබේ.
මහජන ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරන්නේ පිරවුම්හල් ආශ්‍රිතව ඇතිවන එවැනි කළහකාරී සිදුවීම් හමුවේ නීතිය හා සාමය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් මෙම උපදෙස් ලබාදී ඇති බවයි.
අවශ්‍ය අවස්ථාවල පොලිසියට අමතරව යුද හමුදාවේ සහය ලබා ගැනීමද අමාත්‍යාංශය තීරණය කර තිබේ.
කෙසේ නමුත් සාමකාමී විරෝධතා වලට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා ලෙසද දැනුම් දී ඇත.