ඉදිරි 20, 21, 22 දින තුනක කාලය පෙට‍්‍රල් පෝලිම්වල රැඳී නොසිටින ලෙස බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ඉන්ධන බෙදාහැරීම යථා තත්ත්වයට පත්වන තෙක් පෝලිම් වල රැඳී නොසිටින්නැයිද ඔහු ඉල්ලා සිටියේය.
23 වැනිදා පෙට‍්‍රල් නැවක් ගොඩබා ගැනීමට බලාපොරොත්තු වන බවත් 23 වනදා පමණ වන විට මෙම තත්ත්වය සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇතැයි අමාත්‍යවරයා පැවසීය.
අද කොළඹ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කරන ලදී.
දැනට සංස්ථාව ඇති සතුව ඇති පෙට‍්‍රල් අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ලබාදෙන බවත් පෙට‍්‍රල් අත්‍යවශ්‍යම නොවන්නේ නම් කිසිවකු පෝලිම් වලට එක නොවන ලෙස ඔහු තවදුරටත් ඉල්ලා සිටින බවත් ඔහු තව දුරටත් පැවසීය.