ජිනීවාවලදී ලංකාවට එරෙහිව තවත් ගින්නක් පත්තු වෙයි! පාස්කු ප්‍රහාරය ගැන අලුත් රහසක් එළියට එයි!
එල්ටීටීඊ සංවිධානයෙන් බිඳී ගිය කණ්ඩායම වන තමිල් මක්කල් විදුතලෙයි පුල්ලිකල් (ටීඑම්වීපී) සංවිධානයේ ඔත්තුකරුවෙකු ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධානයට ලංකාව සම්බන්ධයෙන් බරපතළ හෙළිදරව්වක් කර ඇතැයි වාර්තා වේ.
රාජ්‍ය තාන්ත්‍රික මූලාශ්‍ර පැවසුවේ එම ඔත්තුකරුවා පාස්කු ඉරිදා ප්‍රහාරය, මිනීමැරුම් සහ බලහත්කාර අතුරුදහන් කිරීම් ගණනාවකට අදාළ සංවේදී තොරතුරු හෙළි කර ඇති බවයි.
කොළඹ සහ විදේශයන්හි පිහිටි ප්‍රධාන රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල කිහිපයකට මෙම තොරතුරු සපයන්නා ලිඛිතව ඔහු සන්තකයේ ඇති තොරතුරු පිළිබඳ කෙටි විස්තර ලබා දී ඇත.
පසුව ඔහු පසුගියදා රටින් පැන ගොස් විදේශයක රැකවරණය පතා ඇත.
TMVP ඔත්තුකරුවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් හමුවී TMVP හා සම්බන්ධ අපරාධ සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා දී ඇති බව ආරංචි මාර්ග අනාවරණය කළේය.
එක්සත් ජාතීන්ගේ නිලධාරීන් දළ වශයෙන් දින 5 ක කාලයක් ඔත්තුකරුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව ආරංචි මාර්ග පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජෝශප් පරරාජසිංහම් සහ නඩරාජා රවිරාජ් ඝාතනයට මෙන්ම මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ අතුරුදන්වීමට අදාළව මෙම ඔත්තුකරු හෙළිදරව් කර ඇති බව වාර්තා වේ.
ටී.එම්.වී.පී සංවිධානය විසින් සෘජුව සහ වක්‍රව සිදු කරන ලද ඝාතන පිළිබඳ තොරතුරු ද ඔත්තුකරු විසින් හෙළි කර තිබුණි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයට සහ රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩලවලට හෙළිදරව් වී ඇති තොරතුරුවලින් හිටපු පාලනයට සම්බන්ධ ඇතැම් පුද්ගලයන් සම්බන්ධ බව වෙත වාර්තා වේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය හෝ රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල ඔවුන් සතුව ඇති තොරතුරු සම්බන්ධයෙන් කුමක් කරනු ඇත්ද යන්න පැහැදිලි නැත.
ජිනීවාවලදී ලංකාවට එරෙහිව තවත් ගින්නක් පත්තු වෙයි! පාස්කු ප්‍රහාරය ගැන අලුත් රහසක් එළියට එයි!
2022-06-26T06:38:00+05:30
Gossip Lanka Hot News






