මේකට රට වහලා කියන්න එපාලු! ගෙදර ඉඳන් වැඩ කරනවා කියලලු කියන්නේ! හරීන් ප්‍රනාන්දු තමයි කියන්නේ!
ඊයේ (27) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන තත්ත්වය රට වසා දැමීමක් නොවන බවයි ආණ්ඩුවේ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු කියන්නේ. ඔහු කියන්නේ මේ සිද්ධ වෙන්නේ නිවසේ සිට වැඩ කිරීමක් බවයි.
මේ අවස්ථාවේදී පුද්ගලයින් ඔවුන් පදිංචි ප්‍රදේශ තුළ තබා ගැනීම සඳහා මෙම තත්ත්වය ක්‍රියාත්මක කරන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.
ජුලි 10 වන දින දක්වා වෙළඳසැල්, ෆාමසි ආදී සියල්ලම විවෘතව පවතින අතර ඒවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවත් 10වෙනිදායින් පසු ගෑස් හා ඉන්ධන සාමාන්‍ය පරිදි ලබාදීමට හැකිවන බවට බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.
මේකට රට වහලා කියන්න එපාලු! ගෙදර ඉඳන් වැඩ කරනවා කියලලු කියන්නේ! හරීන් ප්‍රනාන්දු තමයි කියන්නේ!
2022-06-28T10:36:00+05:30
Gossip Lanka Hot News






