කටුනායක ඩියුටි ෆ්‍රී ෂොප් ටෙන්ඩර් නොකැඳවාම හොරපාරෙන් යළි අවුරුදු 2කට බදු දීමේ සූදානමක්! අධික ලාභ උපයන ආයතන දෙකකුත් ඒ අතර!
විශාල වශයෙන් ලාබ උපයන කටුනායක ගුවන් තොටුපොළ පරිශ්‍රයේ පිහිටි තීරු බදු රහිත වෙළෙදසැල් ටෙන්ඩර් නොකැදවාම යළිත් එම සමාගම්වලට වසර දෙකකට ලබා දීමේ උත්සාහයක් පවතින බව වාර්තා වේ.
මෙහිදී පාඩු ලබන මෙන්ම අධික ලාභ ලබන වෙළෙදසැල්ද මෙසේ ලබා දීමට නියමිතව ඇති බව පැවසේ.
මෙම වෙළෙද සැල් අතර අධික ලාභ උපයන ෆ්ලෙමින්ගෝ සහ ඩියුෆ්‍රයි නැමැති සමාගම් දෙකද ඇතුළත්ව ඇති බව දැනගන්නට ඇත.
කෙසේවෙතත් ඉදිරි සති කිහිපය ඇතුළත මෙම ආයතනවල කාලය අවසන් වීමට නියමිතව ඇති බැවින් ටෙන්ඩර් කැදවීමේදී දේශීය සමාගම් කිහිපයක්ම මෙම වෙළෙදසැල් බදු ගැනීම සදහා උනන්දුවක් දක්වමින් සිටින බවද දැනගන්නට ඇත.
නමුත් එය නොතකා ටෙන්ඩර් කැදවීමකින් තොරව ඉහත සමාගම් දෙකද ඇතුලු සියලුම වෙළෙදසැල් යළිත් එම හිමිකරුවන්ටම ලබා දීමට කිසියම් පිරිසක් කටයුතු කරමින් සිටින බව දැනගන්නට තිබේ.
එමෙන්ම ෆ්ලෙමින්ගෝ සහ ඩියුෆ්‍රයි නැමැති ආයතන දෙක විදේශීය සහ දේශීය වශයෙන් රජයට ගෙවිය යුතු මුදල් පවා නිසි ලෙස මෙතෙක් ගෙවා නොමැති බවද දැනගන්නට ඇත.
-mawratanews
කටුනායක ඩියුටි ෆ්‍රී ෂොප් ටෙන්ඩර් නොකැඳවාම හොරපාරෙන් යළි අවුරුදු 2කට බදු දීමේ සූදානමක්! අධික ලාභ උපයන ආයතන දෙකකුත් ඒ අතර!
2022-06-28T10:39:00+05:30
Gossip Lanka Hot News






