gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

හෙට සිට ඉන්ධන පෝලිම්වලට ටෝකන්. බවුසර් ආවොත් දුරකථන ඇමතුම් – ඇමති කංචන

මීළඟ ඉන්ධන නෞකාව ලැබෙන තුරු රටේ පවතින තත්වය හමුවේ හෙට (27) සිට ඉන්ධන පිරවුම්හල්වල පෝලිම්වල සිටින ජනතාවට ටෝකන් ලබාදීමට පියවර ගන්නා බවත් ඒ සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය යොදවන බවත් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා විසින් ආරක්ෂක මණ්ඩලය රැස්කරනු ලදුව එහිදී ගත් තීරණයක් අනුව මෙම පියවර ක්‍රියාත්මක කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ අනුව හෙට සිට සෑම ඉන්ධන පිරවුම්හලකම පෝලිමට එක්වන සෑම අයෙකුටම ටෝකන් එකක් ලබාදෙන අතර ඒත් සමගම ඒ පුද්ගලයාගේ දුරකථන අංකයත් ලබාගන්නා බවත් පිරවුම්හලට ඉන්ධන බවුසරයක් පැමිණි විට එම ටෝකන් අංක පිළිවෙල අනුව ඔවුන්ට දුරකථන ඇමතුම් ලබාදී දැනුවත් කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මෙම ටෝකන් එක් එක් ඉන්ධන පිරවුම්හලට ආවේණික පරිද්දෙන්, වෙනස් කළ නොහැකි ආකාරයට ලබාදෙන බවත් ඒ මහතා පැවසීය.

එසේ දුරකථන ඇමතුම් ලබාදෙන නිසා මෙම ටෝකන් රැගෙන තවදුරටත් ඉන්ධන පෝලිමේ රැඳී නොසිට නිවෙස් බලා යන ලෙසත් අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටි අතර පවතින තත්වය සම්බන්ධයෙන් ජනතාව වෙත තම කණගාටුව පළකරන බවත් සඳහන් කළේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka