gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සති දෙකකට රට වසා දමන්න යෝජනාවක්!

සති දෙකකට රට වසා දමන්නැයි මේවන විට ඉල්ලීම් ඉදිරිපත් වී තිබෙනවා.

මේ නිසා සති දෙකකට රට වසා ඉන්ධන ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සම්පාදනය කිරීමෙන් පසු නැවත රට විවෘත කරන්නැයි හරිමග ජාතික සංවිධානය ඉල්ලීමක් කරනවා.

ඉන්ධන අර්බුදය මෙන්ම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සපයා ගැනිමට නොහැකිවිමෙන් ජනතාවට තම ජනජිවිත පවත්වාගෙන යාමට නොහැකි තත්වයක් උදාවි ඇති බවත්

එම සංවිධානයේ සභාපති නිශාන්ත කුමාර දසනායක මහතා පවසන්නේ ගෑස් හා ඉන්ධන පෝලිම්වල සිටීමෙන් මේ රටේ ජනතාවගේ ශ්‍රමය ධනය සහ කාලය විනාශ වෙමින් පවතින බවයි.

ගාල්ලේ දී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සදහන් කළා.     

මෙම මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ නිශාන්ත කුමාර මහතා මෙසේද පැවසුවා,   

“රුපියල් දෙදහක තෙල් ගන්න රුපියල් 1500ක් වියදම් කරගෙන යන්න ජනතාවට සිදුවෙලා. රට සති දෙකකට වසා දැමුවහොත් ජනතාවගේ මුදල් ඉතුරු වෙනවා. කාලය ඉතුරු කර ගන්න පුලුවන්. එතකොට ඒ අය කුඹුරක හේනක හරි වැඩක් කරාවි. මෙහෙම තෙල් පෝලිම් වල ඉන්නෙ නැතුව. සති දෙකකින් තෙල් ටික බෙදලා රට අරින්න එතකොට මේ ප්‍රශ්න යම් ප්‍රමාණයකට විසඳෙයි. මේ වන විට අපිට පේනවා රට තුළ ව්‍යාපාරිකයින් දේශපාලනය කරන්න ලෑස්ති වෙනවා. ඒ අය එන්නේ 2025 ඒ රට හදන්න වත් රටේ අනාගතය ගොඩ දාන්න වත් නොවේ. ඔවුන්ට යම්කිසි දේශපාලන රැකවරණයක් ලබා ගන්නයි. රාජතාන්ත්‍රික භාවය ලබාගෙන ලෝකය ඉස්සරහට ගිහිල්ලා ව්‍යාපාර කරන්නයි මේ ගොල්ලෝ උත්සාහ කරන්නේ. මේ විදිහට එන මුදලාලිලාට මේ වගේ මේ රට බාර දෙන්න එපා මේ රටේ ජනතාවගේ මුදල් සූරා කාලා ඒ සල්ලි වල බලයෙන් ඇවිල්ල මේ රටේ දේශපාලනය කරන්න සූදානම් වල කට්ටියට ඉඩ දෙන්න හොඳ නෑ”
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka