මනු කියවනවට කොහොමත් ගෙවනවා, වරද්දන්නෙ නැතුව කියවනවට වෙනමත් ගෙවනවා - මණ්ඩලේ අපූරු දිරි දීමනා ක්‍රමය
විදුලි බල මණ්ඩලයේ මනු කියවන නිලධාරීන් සඳහා නිවැරදිව මනු කියවීම වෙනුවෙන් වෙනම දිරි දීමනාවක් ගෙවන බව කෝප් කමිටුවේදී කරුණු අනාවරණය වූවා.
සාමාන්‍යයෙන් මනු කියවීම යනු ඔවුන්ගේ රාජකාරිය බැවින් එය නිවැරදිව කල යුතු අතර ඒ සඳහා ඔවුනට අදාළ වැටුප හිමි වෙනවා.
යම් හෙයකින් ඔවුන් වැරදියට එම ගණනය සිදු කරන්නේ නම් ඉන් පාඩුව සිදුවනුයේ ඔවුනට හෝ විදුලි බල මණ්ඩලයට නොව සාමාන්‍ය මහ ජනතාවටයි.
එවන් තත්වයක් තුළ නිවැරදිව මනු කියවීම වෙනුවෙන් ඔවුනට වෙනම දීමනාවක් ගෙවීමේ පදනම කුමක්ද යන්න කෝප් කමිටුවේදී කතා බහට ලක්වූවා.
මනු කියවනවට කොහොමත් ගෙවනවා, වරද්දන්නෙ නැතුව කියවනවට වෙනමත් ගෙවනවා - මණ්ඩලේ අපූරු දිරි දීමනා ක්‍රමය
2022-06-24T13:15:00+05:30
Gossip Lanka Hot News






