කුමන්ත්‍රණකාරීන්ගේ ක්‍රියා හේතුවෙන් බිඳ වැටී ඇති රුසියා- ශ්‍රී ලංකා මිත්‍රත්වය යළි ගොඩ නැංවීම පිණිස රුසියාවේ ප්‍රධාන සංඝ නායක ශ්‍රී ලංකා-රුසියානු මිත්‍රත්ව සංගමයේ නියෝජ්‍යය සභාපති මහාචාර්ය පල්ලේකන්දේ රතනසාර හිමිගේ ප්‍රධානත්වයෙන්. ” ශ්‍රී ලංකා – රුසියා මිත්‍රත්වය දිනේවා”යන තේමාව ඔස්සේ සංවිධානය කරනු ලබන ප්‍රසිද්ධ සම්මන්ත්‍රණය ඊයේ (23) දින පැවැත්වුනි.
එම සම්මන්ත්‍රණයට ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යූරි මැටේරි මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ අතර අමාත්‍යය විජයදාස රාජපක්ෂ, අමාත්‍යය සුසිල් ප්‍රේමජයන්ත්, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චමිපික රණවක ඇතුළු පිරිසක් සහභාගි වූහ. පූජ්‍යය ඕමල්පේ සෝභිත හිමියෝ සම්මන්ත්‍රණයේ මුලසුන දැරූ මෙම අවස්ථාවට රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ආචාර්ය සමන් වීරසිංහ මහතාද සහභාගි විය.
එහිදී ආචාර්ය සමන් වීරසිංහ මහතා උත්සව සභාව අමතමි පවසා සිටියේ, ” රුසියාවෙන් ඉතා විශාල ආයෝජන ප්‍රමානයක් ලංකාවට ලැබුණා. ඩොලර් මිලියන 800ක් ජනාධිපති පුටින් ලබා දුන්නා. ඒ කිසිවක් ලංකාව ප්‍රයෝජනයට ගත්තේ නැහැ. මේ ඩොලර් මිලියන 800 අවුරුදු දෙකක් පුරාවට රුසියානු විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ තිබිලා ආපසු ලබා ගත්තා.” යනුවෙන් පැවසුවේය.
එහිදී උත්සව සභාව ඇමතූ රුසියානු තානාපති යූරි මැටේරි මහතා ” ශ්‍රී ලංකාවේ ජනතාව මුහුණ දෙන දුෂ්කරතා තාවකාලිකයි. මම විශ්වාස කරනවා මෙම ගැටලු ඉක්මනින් නිරාකරණය කර ගැනීමට හැකියාව ලැබෙයි කියා. ඒකාබද්ධ උත්සහායන් තුලින් සහ සංවාද තුලින් අපගේ ද්විපාර්ශික සබඳතා වලට තවදුරටත් ශක්තිය ලැබෙනවා.” යනුවෙන් පැවසුවේය.
