gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගෝඨාට බැරි වෙච්ච වැඩේට ධම්මිකට ඕන හය මාසෙලු !

තමන් ඉදිරි මාස 06ක කාලය තුළ මෙරට පවතින ආර්ථික අර්බුදය විසදීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව අයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා පවසයි.

ඊයේ (27) රාත්‍රී ටීවී දෙරණ ඔස්සේ විකාශය වූ 360 වැඩසටහන සමග එක්වෙමින් අමාත්‍ය ධම්මික පෙරේරා මහතා එම අදහස් පළ කර තිබේ.

ඔහු මේ ප්‍රකාශය කරනු ලැබුවේ ජනපති ගෝථාභය රාජපක්ෂ මහතා ඇතුළු දේශපාලකයන් සියලුදෙනාට මේවන විට ශ්‍රී ලංකාව ගොඩගැනීමට නොහැකි ආර්ථික අර්බුදයකින් මිරිකී තිබියදීය.

මේ අතර, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතාට අදාළ කාර්යයන් සහ රාජකාරී ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත්කර තිබේ.

ඊයේ (27) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය සදහා ආයතන 07ක් ඇතුළත් කර තිබේ.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව, කොළඹ වරාය නගරය ආශ්‍රිත ව්‍යාපෘතිය, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, කලම්බු ලෝටස් ටවර් මැනේජ්මන්ට් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්, ටෙක්නෝපාක් ඩිවලප්මන්ට් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් සහ තොරතුරු තාක්ෂණ උද්‍යාන අදාළ අමාත්‍යංශයට අයත් වේ.

අදාළ ගැසට් නිවේදනය පහතින්.







gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka