මුදල් අමාත්‍යාංශ පිවිසුම් ඉදිරිපිට විරෝධය පළ කළ පිරිසක් මේ වන විට පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.
ඒ අතර මීට පෙර පොලීසියෙන් පැහැරගත් තිසර අනුරුද්ධ බණ්ඩාර නම් සමාජ ක්‍රියාකාරී තරුණයාද සිටින බවයි වාර්තා වන්නේ.
තිසර අනුරුද්ධ බණ්ඩාර අප්‍රේල් 03 විරෝධතාවය සංවිධානය කළ පුද්ගලයන්ගෙන් එක් අයෙක් වන අතර GoHomeGota2022 ෆේස්බුක් කණ්ඩායමේ ඇඩ්මින්වරයෙක් ලෙසද ක්‍රියාකර තිබෙනවා.
