gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අගමැතිකමයි කැබිනට් එකයි අපට දුන්නොත් හය මාසෙන් රට ගොඩගන්න ලෑස්තියි! (VIDEO)

තමන් කැමති කැබිනට් මණ්ඩලයක් පත් කරගැනීමට අවස්ථාව ලබා දෙන්නේ නම් පවතින අර්බුදවලට විසඳුම් සෙවීම සඳහා ආණ්ඩුව භාර ගැනීමට ජාතික ජන බලවේගය සුදානම් බව එහි නායක අනුර කුමාර දිසානායක පවසයි.

“රටක් කඩා වැටුණා ම ඒ රට ගොඩනගන්නේ කවුද? ඒ රටේ මිනිස්සු. ඒකට ජාත්‍යන්තර සහාය අතිරේකව ලබාගන්න ඕනේ. දැන් තෙල් ඇමති හිටියට ෂෙඩ්වල තෙල් නැහැ. කෘෂිකර්ම ඇමති හිටියට කුඹුරට පොහොර නැහැ. පාසල් වහනවා කියන්න අධ්‍යාපන ඇමති ඉන්නවා. මොකටද මේ ඇමතිවරු?

මෙවැනි ආණ්ඩුවකින් මේ රට ගොඩගන්න බැහැ. අපි ලෑස්තියි මේ වැඩේ ගොඩගන්න. හෙට ගෝඨාභය, රනිල් ඔයගොල්ලෝ මේක භාර දෙනවා නම් අපි ලෑස්තියි. මේ රටට හදන්නත් ලෑස්තියි. අපිට වෙනමොකුත් ඕනේ නැහැ. අපිට දෙන්න ආණ්ඩුව. මේ පාර්ලිමේන්තුව ඇතුළේ අපි කැමති කැබිනට් මණ්ඩලයක් හදන්න දෙන්න.

අපිට ආණ්ඩුවක් හදාගන්න දෙනවා නම් මේ ප්‍රශ්නයේ විසඳුම් ක්‍රියාමාර්ගයක්, අපේ ආර්ථිකය කඩා වැටෙමින් තිබෙන විනාශය වළක්වන ක්‍රියාමාර්ගයට මේ රට අවතීර්ණ කරන්න අපට පුළුවන්. ඒ සඳහා අපි මේක භාරගැනීමට ලෑස්තියි.”

ඔහු මේ බව පැවසුවේ අනුරාධපුරයේ ඊයේ (26) පැවති විරෝධතා රැලියකට එක්වෙමිනි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka