gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මේ මැර ප්‍රහාරය මෙහෙය වු ජොන්ස්ටන් ප්‍රනාන්දු වහාම අත්අඩංගුවට ගත යුතුයි - විමල් වීරවංශ

ස්ථිර නොවූ සේවකයන් ස්ථිර නොකරන බවට තර්ජනය කර අද අරලියගහ මන්දිරය වෙත කැඳවාගෙන විත් ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පැවසීය. අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා.

"මේ සිද්ධි ඔක්කොම වුණාට පස්සේ ඉල්ලා අස්වෙන එක නෙමෙයි. මේවා මෙතෙන්නට එන්නට කලින් ඉල්ලා අස්වෙන්න නොදුන්නේ කවුද ? අද ඔය අරලියගහ මන්දිරයට කැඳවපු මිනිස්සුන්ට උද්වේගකර ආවේගශීලි කතා පවත්වලා ප්‍රචන්ඩත්වයට පෙළඹෙව්වේ කවුද ? ජොන්ස්ටන් අමාත්‍යවරයා ඇතුළු කල්ලියක් තමයි බැසිල් රාජපක්ෂගේ උපදෙස් හා මඟපෙන්නවීම මත හොරාකාපු සල්ලි වියදම්කරගෙන තමයි. ඒ තමන්ගේ පාක්ෂිකයා උසිගන්වලා, කුළු ගන්නවලා අර අරලියගහ මන්දිරය ඉදිරිපිට තිබෙන ඒ විරෝධතාකරුවන් එළවලා දාන්නත්, පහරදෙන්නත්,  ඒ වගේම ගාලුමුවදොරට ගිහිල්ලා පහර දෙන්නත්... මොරටුව නගරාධිපති සමන්ලාල් බස් 4කින් සෙනඟ ගෙනිල්ලා තියෙනවා. ඒ බස් 4ම ඉඳලා තියෙන්නේ මොරටුව නගර සභාවේ දවසේ දීමනාවට වැඩකරන ස්ථිර නොවූ සේවකයින්. ඒ මිනිස්සු යන්න කැමතිවෙලාත් නැහැ. උඔලාව මම ස්ථිරකන්නේ නැහැ ආවේ නැත්නම් කියලා තමයි බස්වල පටවාගෙන ගිහින් තියෙන්නේ. දැන් ජොන්ස්ටන් ඇවිල්ලා ඒ අය බේරගන්නවාද ? දැන් මහින්ද රාජපක්ෂ ඇවිල්ලා ඒ මිනිස්සු බේරගන්නවාද ? තමන්ගේ පාක්ෂිකයෝ ඇවිත් ගුටිකන තත්ත්වයට එනකන් මොකද හිටියේ ඉල්ලා අස්වීමේ ලියුම දෙන්න. ඒකද නායකයා කියන්නේ. අයින්වෙන්න ඕන තැනදී අයිවෙන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ හැකියාව නැතිනම් ඔවුන් නායතයෝ නෙමෙයි. මළ පෙරේතයෝ. අපි මේ අවස්ථාවේදී දණ නමස්කාර කරලා. වැඳලා ඉල්ලන්නේ. සෑම පාර්ශවයකින්ම සාමකාමී වෙන්න. නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ, එතනට ඒ අයව ක්‍රියාත්මක කරපු ජොන්ස්ටන් ප්‍රානාන්දුලාව දක්වා අත්අඩංගුවට අරගන්න ඕනේ."


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka