gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

නැවත වරක් රට බේරාගැනීමට විමල්ලාගෙන් නව සංධානයක් - (VIDEO)

ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ එක්ව සන්ධානයක් ගොඩනැගීමට තීරණය කළ බව විමල් වීරවංශ මන්ත්‍රීවරයා පවසයි.

ඉදිරි දේශපාලන අරමුණු ජය ගැනීම සඳහා එම තීරණය ගත් බව ඔහු පවසයි.

ආණ්ඩුවේ ස්වාධින වූ පක්ෂ නායකයින්ගේ සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

“ඉදිරියේදී එන ‍දේශපාලන අභියෝග ජයගන්න, ඉදිරියේදී අපේ පක්ෂ එකමුතුවෙන් නිත්‍යානුකූල සන්ධානයක් පිහිටුවීමට තීරණය කරලා තියෙනවා. ඒ වගේම රටේ මේ පවතින ආර්ථික අර්බුදයත්, ඒ ආර්ථික අර්බුදත් එක්ක ඇතිවෙමින් තිබෙන දේශපාලන සහ මනාව අපදාකාරී තත්ත්වයත්, පිළිබඳව ගැඹුරු අදහසක් ඇති කරලා. එතනින් ගොඩ එන්න රජය ගෙන යන ක්‍රියාදාමය පිළිබඳව මීට වඩා විපක්ෂයේ සිට මඟපෙන්වීමේ භූමිකාව සඳහා අලුත් වැඩසටහන් කිහිපයක් අපි ඉදිරියේදී ආරම්භ කරන්න තීරණය කරලා තිබෙනවා. මේ තිබෙන අර්බුදකාරී වාතාවරණය යටතේ අපිට පරමාදර්ශී උත්තරයක් මේ අවස්ථාවේදී නිර්මාණ කරගන්න බැහැ. මොන උත්තරේ ලැබුණත් ඒකේ පොඩි අංගවිකල ස්වභාවයක් ඇතිවෙන එක පවතින යතාර්තය අනුව බලාපොරොත්තු වෙන්න ඕන දෙයක්. නමුත් කිසිම පාලනක්, ආණ්ඩුවක් නැතුව රටක් අරාජික තත්ත්වයට වැටෙනවට වඩා යම් කිසි රාජ්‍ය පාලනයක් මේ රටේ පැවැතිය යුතුයි. හැබැයි මේ තියන පාලනය මගින් මේ තියෙන ආර්ථික ඇදගෙනයන්න හදනවානම් වෙනත් භාහිර බලවතුන්ගේ මනදොළ සපුරලාන දිශාවකට. එහෙම තත්ත්වයක් තිබෙනවානම් අපි ඒ ගමනකට කිසිම සහයෝගයක් දෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ.”


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka