gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අද හෝ හෙට ගෝඨා ජනාධිපතිකමෙන් අස්වෙයි?

අද හෙට ජනාධිපතිවරයා තනතුරෙන් ඉල්ලා අස්විය යුතු බවත්, ඉන් මෙහා කිසිදු විසදුමක් නොමැති බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවසීය. ඒ මහතා පෙන්වා දුන්නේ පවතින තත්ත්වය යටතේ ජනාධිපතිවරයා සමග සාකච්ජාවකට හෝ අසුන් ගත නොහැකි බවකි.

පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බංඩාර මහතා .

ඊයේ දිනයේ සිදුවීම පිලිකුලෙන් හෙලා දකිනවා .ජෝන්ස්ටන් ප්‍රනාන්දු ,සනත් නිශාන්තලා වගේ මරි මෝඩයෝ එක්ක කටයුතු කරල තමයි අද මේ ගෝටාබය රාජපක්ෂගේ බෙල්ල කැපෙන තැනට කටයුතු වුණේ ජොනීලා හිතාගෙන ඉන්නවා නම් පරණ දේශපාලන තවදුරටත් කරන්න ඒක ක්‍රියාත්මක කරන්න ගිහන ඊයේ රටම ගිනි කන්නදක් ලේ විලක් වුණේ.මේ අයට ජනතාවගේ පීඩනය තේරුම් ගන්න බැහැ ,ජනතාවට කන්න නැතුව බොන්න නැතුව බෙහෙත් නැතුව ජනජීවිතය ගෙනයන්න බැරුව ඉද්දි මේ අය බලෙන් ජනතා අරගල වීදි සටන් මර්දනය කරන්න ගියා .අද ඒ අයට ගේ දෝර පවා අහිමි වුනා අපි ඉතාම කණගාටු වෙනවා මේ තත්ත්වය පාලනය කර යුතුයි තවදුරටත් රට අස්ථාවර වුනොත් රට කඩා ගෙන වැටෙනවා .

අද විදේශ සංචාරකයන් එන්නේ නැහැ කරුණාකර කියනවා ඉක්මනින් රටේ ජනාධිපතිවරයා ප්‍රකාශයක් කරලා ඉල්ලා අස්වෙන්න .එතනින් මෙහා විසදුමක් නැහැ සමගි ජන බලවේග අපිටත් අන්තර් වාර ආණ්ඩු ගැන සභාග පාලන ගැන හිතන්න බැහැ .ඊයේ මේ අය කටයුතු කර ආකාරයට අපි ගෝටාබය රාජපක්ෂ ගෑවෙන තැනකටවත් අපි සූදානම් නැහැ සාකච්ඡාවට වත් එන්න .මොකද අපි ඉන්නේ ජනතාවගේ පැත්තේ .ඔබතුලා අහයි එතකොට සජිත් ප්‍රේමදාස මහත්තයාට ගැහුවේ මොකද කියලා ඕනම කුලකයක් ඇතලේ 1%2% ඉන්නවා ඒ අයගේ දේශපාලන න්‍යාය පත්‍රය ඒ අතරේ දානව අපි පහුගිය කාලයේ දැක්කා ඒ නිසා සජිත් ප්‍රේමදාස මැතිතුමා⁣ට එල්ල වුනු විරොධතාවය 3% අයගේ වැඩක් විදියට අපි දකිනවා ඒකට අපි කලකිරෙන්නේ නැහැ .මේ සටන් වලට අපි උපරිම දායකත්ය ලබා දුන්නා .

වහාම ගෝඨාභය රාජපක්ෂ ගෙදර යන්න ජනාධිපති තනතුරෙන් අයින් වෙන්න එහිදී කෙටි කාලයකට ජනාධිපතිවරයෙක් අගමැති වරයෙක් පාර්ලිමේන්තුවෙන් පත් කරලා ඉතාම කෙටි න්‍යාය පත්‍රයක් තුල ජනමතය සොයා බැලිය යුතුයි .

දැන් නොයෙක් කණ්ඩායම් ඉන්නවා ජනාධිපති අගමැති කමට ඇදලත් ඉවරයි ඒ නිසා ජනතාවට එය බාර දෙන එක හොදයි එහිදී තමයි රට ස්ථාවර වෙන්නේ ඒ නිසා අදින් පසුව නිශ්චිත දිනක මැතිවරණයක් තියලා සීමික කාල රාමුවක වැඩපිළිවෙළක් සදහා අපි සූදානම් විය යුතුයි .හැබැයි ගෝඨාභය හෙටම යා යුතුයිමයි එතනින් එහා විසදුමක් දකින්නේ නැහැ .


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka