gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

21 ලෑස්තියි… සඳුදා කැබිනට් අනුමැතියට යොමු කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා - අධිකරණ ඇමති කියයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය අද කෙටුම්පත් කර අවසන් වූ බවත්, සඳුදා එය අමාත්‍යමණ්ඩලයට ඉදිරිපත්  කරන බවත් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය  විජේදාස රාජපක්ෂ පවසයි.

අමාත්‍යා මණ්ඩලය අනුමත කළ වහාම එම කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගැනීමේ  කටයුත්ත සිදුකරන බවත් ඇමතිවරයා කියයි. ඇමතිවරයා මේ බව පැවසුවේ අමාත්‍ය ධුරය භාර ගැනීමෙන් පසු අද සවස මාධ්‍ය අමතමිනි.

ඇමතිවරයා එහිදී මෙසේද පැවසුවේය.

“ මෙහිදී අපි 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ වෙනස්කම් සිද්ධ කළේ ජනමත විචාරණයකට නොගිහින් කරන්න පුලුවන් සංශෝධන පමණයි.  අපි මේ හදිසි අවශ්‍යතාවය නිසා ඒ ප්‍රමාණයට අවශ්‍ය සංශෝධන කරනවා. “

“ නමුත් අපි බලාපොරොත්තු වෙනවා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් හරහා  දැනට පසුගිය පාර්ලිමේන්තු  කාලයේ  පාර්ලිමේන්තු සභාවක් විදිහට එකතු වෙලා හදපු ව්‍යවස්ථා ප්‍රතිපාදන පිළිබඳ යෝජනා තියනවා. “

“වර්තමාන ජනාධිපතිතුමා බලයට පත් වුනාට පස්සේ එතුමා පත් කරපු විශේෂඥ කමිටුවක කෙටුම්පතක් තියනවා.“

“මේ රටේ  උතුරු නැගෙනහිර ජනතාව කරන ලොකු චෝදනාවක් තියනවා  මේ බලතල බෙදීම  සම්බන්ධව. ඒ සෑම පාර්ශවයක්  එක්කම සාකච්ඡා කරලා සම්මුතිකවාදී විදිහට ව්‍යවස්ථාවක් සම්පාදනය කරනවා.“

ද්විත්ව පුරවැසියන්ව පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීම මෙම සංශෝධනය ගෙනඒමේ එක් පරමාර්ථයක් බවත් අමාත්‍යවරයා පැවසුවේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka