gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනාධිපතිගේ ලේකම් සුගීෂ්වරට අරගලකරුවකුගෙන් බරපතළ චෝදනාවක්! මට මරණ තර්ජන කර ෆෝන් එක පැහැර ගත්තා! චෝදනාවට සුගීෂ්වර දුන් උත්තරේ! මම දන්නෙත් නෑ! මම එතන හිටියෙත් නෑ! (VIDEO)

සිවිල් ක්‍රියාකාරිකයකු වන නිරාශාන් විතානගේ මහතා ෆේස්බුක් සටහනක් තබමින් පවසා ඇත්තේ ‌ගෝඨාගෝගම ප්‍රහාරයේ දර්ශන සජීවීව විකාශය කරමින් සිටියදී ජනාධිපති පෞද්ගලික ලේකම් සුගීශ්වර බණ්ඩාර මහතා පැමිණ තම දුරකතනය බලහත්කාරයෙන් පැහැර ගත් බවකි.

ඔහු තබා තිබූ සටහන පහත දැක්වේ.

මගේ ජංගම දුරකථනය ජනාධිපති පෞද්ගලික ලේකම් සුගීශ්වර බණ්ඩාර විසින් බලහත්කාරයෙන් පැහැරගන්න ලදි!

මිතුරන් කිහිපදෙනෙක් සමඟ දහවල් ආහාරය ලබාගෙන,කොටුව ලෝක වෙළඳ මධ්‍යස්ථානය ඉදිරිපිට පැවති විරෝධතාවයට කිසිඳු අයුරකින් සහභාගී නොවූ මා ඒ ස්ථානයේ සිදු වූ සිදුවීම ෆෙස්බුක් ලයිව් ඔස්සේ සජීවී විකාශයක් ලබා දෙමින් සිටියදී,අත්තනූමතිකව පොලිසිය විසින් මා බලහත්කාරයෙන් අල්ලාගන්නා ලද අවස්ථාවේදී ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් සුගීශ්වර බණ්ඩාර විසින් බලහත්කාරයෙන් මාගේ දුරකථනය පැහැරගන්නා ලදි!

පොලිසිය විසින් මාගේ හැඳුනුම්පත,රියදුරු බලපත්‍රය ලබගත් අතර ඒය ලබාගත් නිළදාරියෙක් මේ වන තුරුත් මාහට ඒවා කිසිවක් මා වෙත ලබාදී නැතසුළු මොහොතකින් මාගේ ජායාරූප සහ පෞද්ගලික තොරතුරු ලබාගැනීමෙන් අනතුරුව පොලිසිය මා මුදා හරින ලදි!

මගේ දුරකතනය ඇත්තේ සුගීශ්වර සතුවය!

අවසාන වශයෙන් දුරකතනය තිබී ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලය අසලට වන්නටයඒ පිළිබඳ කොටුව පොලිසියට පැමිණිලි කිරීමට උත්සාහ කිරීමේදී ඔවුන්ගේ ප්‍රතිචාරය වූයේ “සහනයක්” ලබා දෙන්නම් හෙට උදේ එන්න’ යන්නයි.

අපට මේ බිමේ නිදහසේ ඇවිදීමත් තහනම්ද?

අප කළ වරද කුමක්ද?

රට වෙනුවෙන් කතා කිරීමද?

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ජනාධිපති පෞද්ගලික ලේකම් සුගීශ්වර බණ්ඩාර මහතා පවසන්නේ මෙය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවත්, තමන් කිසිදිනෙක එවැනි සිදුවීම් සිදු නොකරන්නෙක් බවත්ය.

තමන් එම ස්ථානයේ නොසිටි බවද ඒ මහතා සදහන් කළේය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka