gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

69 ලක්ෂයේ ආණ්ඩුවට එරෙහිව වසර 69කට පසු කරන දැවැන්තම හර්තාලය අද!

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ රජයට එරෙහිව වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන කිහිපයක් එක්ව අද (06) දිවයින පුරා පැය 24ක හර්තාලයක් දියත් කිරීමට සැලසුම් කර තිබෙනවා.

මහජන මතයට ගරු කිරීමට රජය සහ ජනාධිපතිවරයා හෙට දිනය වන විට පියවර නොගතහොත් මැයි 11 වැනිදා සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් දක්වා හර්තාල් ව්‍යාපාරය වෙනස් කරන බව හර්තාල් කමිටු වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය (TUCC) අනතුරු අඟවනවා.

සෞඛ්‍ය, ප්‍රවාහන, දුම්රිය, විදුලිබල සහ අධ්‍යාපන ක්ෂේත්‍ර ඇතුළු කණ්ඩායම් 2,000කට අධික සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති හර්තාලයට සහභාගී වීමට නියමිතයි.

දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති හර්තාලයට සහය පළ කරමින් අද දිනයේදී ලොතරැයි අලෙවි නියෝජිතයින් සිය රාජකාරීවලින් වැළකී සිටීමට තීරණය කර ඇති බව එක්සත් ජාතික ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සංගමය ප්‍රකාශ කළා.

ලොතරැයි අලෙවි කරන්නන්, නියෝජිතයින් රට තුළ ලොතරැයි අලෙවියේ නිරත නොවන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංගමයේ සභාපති ක්‍රිෂාන් මාරඹගේ කියා සිටියේ.

හර්තාලයට සහය පළකරමින් දුම්රිය වෘත්තීය සමිති එකමුතුව ඊයේ (05) මධ්‍යම රාත්‍රියේ සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කළා.

මෙම වර්ජනය සඳහා දුම්රිය වෘත්තීය සමිති 40කට ආසන්න සංඛ්‍යාවක් සහභාගි වන බව එම සංගමය පවසනවා.

වෘත්තීය සමිති කිහිපයක් එක්ව හෙට දිවයින පුරා ක්‍රියාත්මක හර්තාලයට සහය පළ කරමින් ඊයේ (5) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් රථ ධාවනයෙන් ඉවත් වීමට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය (LPBOA) තීරණය කර තිබෙනවා.

කෙසේවෙතත් මේ වන විට ශ්‍රී ලංකාව තුළ දැඩි ඩීසල් හිඟයක් පවතින අතර එය පොදු ප්‍රවාහන සේවා කටයුතුවලට බලපාන බවයි සභාපතිවරයා පැවසුවේ.

බැංකු ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තීය සමිති, ලංකා විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (ශ්‍රී ලංගම) මෙන්ම ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් ද හර්තාලයට සහභාගී වීමට නියමිතයි.

සෞඛ්‍ය සේවකයින් ද වැඩ වර්ජනයේ නිරත වීමට නියමිත අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) වෛද්‍යවරුන් වැඩ කරන නමුත් අතේ කළු පටි පැළඳ වර්ජනයට සහාය පළ කරනු ලබනවා.

අද ක්‍රියාත්මක කිරීමට නියමිත දීපව්‍යාප්ත හර්තාලයට සහය පළ කරමින් කඩසාප්පු සහ වෙළඳසැල් වසා දමන ලෙසත්, ඔවුන්ගේ නිවෙස්වල කළු කොඩි ඔසවන ලෙසත් හර්තාල් කමිටු වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය මහජනතාවගෙන් ඉල්ලා තිබෙනවා.

සියලුම ආගමික සිද්ධස්ථානවලට උදේ 08.30 සිට 09.00 දක්වා ශබ්ද විකාශන යන්ත්‍ර මගින් යාඥා කරන ලෙස ද ඉල්ලා තිබෙනවා.

එමෙන්ම ප්‍රචණ්ඩකාරී ලෙස ක්‍රියා කිරීමෙන් හෝ පොදු දේපළවලට හානි කිරීමෙන් වළකින ලෙසත්, සාමකාමීව ඉදිරියට යන ලෙසත් හර්තාලයේ සහ අනෙකුත් මහජන විරෝධතාවල නිරතවන්නන්ගෙන් වෘත්තීය සමිති ඉල්ලීමක් කර තිබෙනවා.

1953 හර්තාලයෙන් වසර 69කට පසු පැවැත්වෙන දැවැන්තම හර්තාලය මෙය ලෙසයි වෘත්තීය සමිති කියන්නේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka