gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පොහොට්ටුවේ ජාතික ලයිස්තුව එජාපයට! රනිල්ට කැමති අය පත් කරන්න දෙයි!

රටට ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය විසඳීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට තම පක්ෂයේ නියෝජනයක් පාර්ලිමේන්තුවට අවශ්‍ය නම් ඊට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර කිහිපයක් ලබා දීම පිළිබඳ කිසිදු ගැටළුවක් නැතැයි එම පක්ෂය ප්‍රකාශකයෙක් උපුටමින් මව්බිම පුවත්පත සඳහන් කර ඇත.

අග්‍රාමාත්‍යවරයා පරිණත දේශපාලනඥයෙක් නිසා රටේ වත්මන් අර්බුදයට විසඳුම් සෙවීමට කටයුතු කරන්නේ නම් තම පක්ෂය ඊට සහාය දෙන බව ද මේ අවස්ථාවේදී රට ශක්තිමත් කිරීමට පක්ෂ පාට භේදයකින් තොරව සියලු දෙනා එකඟ විය යුතු බවද ඔහු සඳහන් කර ඇත.

පක්‍ෂයේ අඩුපාඩු ඇත්නම් ඒවා සකස් කරගෙන ඉදිරි මැතිවරණයට මුහුණ දීමට සූදානම් බව ද සඳහන් කර ඇති එම ප්‍රකාශකයා පක්ෂයට මේ මොහොතේ අවශ්‍ය පක්ෂය දියුණු කරගැනීමට වඩා රටේ අර්බුද විසඳීම වෙනුවෙන් ප්‍රමුඛත්වය දීම බවද සඳහන් කර තිබේ.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කර ඇත්තේ ඉදිරියේදී තම පක්ෂය පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන බවයි. ආර්ථික අභියෝග ජය ගැනීම සඳහා නව අග‍්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුව ඉදිරිපත් කරන වැඩපිළිවෙලට සහාය දෙන බව ද ඔහු සඳහන් කළේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka