ප්‍රශ්න කතා කරගන්න අවශ්‍යනම් සඳුදා උදේ සිරිකොතට එන්නැයි තමන්ගේ නිවස අභියස උද්ඝෝෂණය කරන උද්ඝෝෂක පිරිසට එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ විසින් දැන්වා තිබේ.
රනිල් වික්‍රමසිංහ ගේ කොළඹ 07, 5 වන පටුමගේ නිවස ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවය නිමා කර මේ වනවිට විරෝධතාකරුවෝ විසිර ගොස් සිටිති.
නියෝජ්‍ය කථානායක නිලවරණයේදී ශ්‍රීලනිපයේ රංජිත් සියඹලාපිටියට ඡන්දය දෙන ලෙස රනිල් විපක්ෂයේ මන්ත්‍රීවරුන් පොළඹවන ආකාරය දක්නට ලැබුණු බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් රාසමානික්කම් පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශයත් සමග රනිල්ගේ නිවස ඉදිරිපිට රැස්වී විරෝධතා කරුවන් සාමකාමී උද්ඝෝෂණයක් කළේ රනිල්ගේ ‘ඩීල්’ නවත්වන්නැයි කියමිනි.
හිටපු අගමැතිවරයාගේ නිවසට පිටතින් ආරක්ෂාව යොදවා තිබුණි.
විරෝධතාව ආරම්භ වී පැයක් ගතවෙද්දී රනිල් වික්‍රමසිංහගේ ආධාරකරුවන් පිරිසක් ද එම ස්ථානයට රැස්ව විරෝධතාවක් ආරම්භ කළහ. “අපට ඕන ආණ්ඩුවක්… රනිල් ඉන්න ආණ්ඩුවක්…“ “රටම ඉලන්නෙ රනිල් රනිල්“ රනිල්ගේ ආධාරකරුවෝ සටන් පාඨ කීහ.
ඔවුන් විරෝධතාවයේ නිරත වූයේ පවතින අර්බුදයට එකම විසඳුම රනිල් නායකත්වයට පත් කිරීම බව පවසමිනි. ඉන් අනතුරුව රනිල්ට හිතවත් හා විපක්ෂ විරෝධතාකරුවන් අතර බහින්බස්වීමක් ඇති වූ අතර තත්ත්වය සමනය කිරීමට පොලිසියට සිදු විය.Update: Police push back supporters of UNP Leader Ranil Wickremesinghe who were blocking the road near his residence. pic.twitter.com/vt6vD8D1Hh
— DailyMirror (@Dailymirror_SL) May 7, 2022
පසුව විරෝධතාකරුවන්ට පණිවිඩයක් යවමින් හිටපු අග්‍රාමාත්‍යවරයා විසින් තමන් හමුවීමට අවශ්‍ය නම් සඳුදා සිරිකොතට පැමිණෙන ලෙසත් එහිදී ඔවුන්ගේ ගැටලු පිළිබඳව සාකච්ඡා කරන ලෙසත් දැනුම් දී තිබිණි. අවසානයේ උද්ඝෝෂකයෝ විසිර ගියහ’Update: A tense situation arose near the residence of UNP Leader Ranil Wickremesinghe after UNP supporters confronted an anti-Ranil supporter. pic.twitter.com/5SWbqE6Kkk
— DailyMirror (@Dailymirror_SL) May 7, 2022
