රජයේ සේවකයන් හෙට වැඩට එන්න එපා... එන සතියේ කන්නත් සල්ලි නෑ - අගමැති
නව කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් ගේ සියලු වැටුප් ගෙවීම අත්හිටුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.
අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුව අමතමිනි.
දැනටමත් අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම සියයට 50 ක් දක්වා අඩු කිරීමට කටයුතු කර තිබේ.
දෛනික අත්‍යවශ්‍ය ආහාර සඳහා ද මුදල් මේ වන විට භාණ්ඩාගාරය සතුව නැතැයි ද පැවසූ අගමැතිවරයා ඒ අනුව ඒ සඳහා අවශ්‍ය මුදල් වහා සොයා ගත යුතු බවද සඳහන් කළේය.
පවතින අර්බුදය ශ්‍රී ලංකාවට පමණක් බලපාන ගැටලුවක් නොවන බවද මෙය ලෝක ආහාර අර්බුදයක් බවට පත්වන ලකුණු පෙනෙමින් ඇතැයි හෙතෙම පැවැසීය.
හෙට දිනයේ රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය නොවන සේවකයන් සේවයට වාර්තා කිරීම අවශ්‍ය නොවන බවද පැවසූ ඔහු ඉන්ධන හිඟය සහ ප්‍රවාහන අපහසුතා සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවද කියා සිටියේය.
රජයේ සේවකයන් හෙට වැඩට එන්න එපා... එන සතියේ කන්නත් සල්ලි නෑ - අගමැති
2022-05-19T11:28:00+05:30
Gossip Lanka Hot News





