පාර්ලිමේන්තු පිවිසුම අසළ උණුසුම් තත්වයක් - උද්ගෝෂණයක නිරත වූ පිරිසක් අත්අඩංගුවට! (VIDEO)
පාර්ලිමේන්තු ප්‍රවේශ මාර්ගයේ විරෝධාතයේ යෙදී සිටි පුද්ගලයන් 12 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන රැගෙන යන බවට වාර්තා වේ.
මෙම විරෝධතාකරුවන් පාර්ලිමේන්තු පිවිසුම අසල 'මන්ත්‍රීවරුන්ට පෙනෙන පරිදි "විශ්වාසභංගයට සහාය ලබාදෙන්න..." යනුවෙන් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයේ නිරත වී ඇත.
එම අවස්ථාවේ පොලිස් නිලධාරීන් විසින් එම විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීමට යාමේදී උණුසුම් තත්වයක් ඇතිව ඇති බවද වාර්තා වේ.
අද දින පාර්ලිමේන්තුව පවතින නිසාවෙන් ඊයේ රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව සහ අවට ආරක්ෂක පියවර දැඩි කිරීමේ අරමුණින් දියත උයන අසල සිට මග දෙපස ස්ථාවර වැටවල් සවි කරනුද දැකිය හැකි විය.
පාර්ලිමේන්තු පිවිසුම අසළ උණුසුම් තත්වයක් - උද්ගෝෂණයක නිරත වූ පිරිසක් අත්අඩංගුවට! (VIDEO)
2022-05-04T13:58:00+05:30
Gossip Lanka Hot News






