අර්බූදයෙන් පසු ජනපති පළමු උත්සවයට සහභාගී වෙයි! රණවිරු සැමරුමට එක්වෙන්න බත්තරමුල්ල රණවිරු ස්මාරකය ළඟට එයි! (PHOTOS)
වසර තිහකට අධික කාලයක් පැවති කුරිරු යුද්ධය නිමා කොට, මාතෘභූමියට සාමය උදා කරමින් ලැබූ විජයග්‍රහණය සැමරීමත්, යුද්ධයේදී දිවිපිදූ රණවිරුවන් හා ආබාධිත රණවිරුවන් සිහි කිරීමත් යන කරුණු මූලික කර ගනිමින් ජාතික රණවිරු අනුස්මරණ දින උත්සවය සන්නද්ධ හමුදා සේනාධිනායක, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල ජාතික රණවිරු අනුස්මරණ ස්මාරකය අබියසදී අද පැවැත්විණ.
ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද්ධ හමුදාධිපතිතුමන්, නාවික හා ගුවන් හමුදාධිපතිවරුන්, පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.
අර්බූදයෙන් පසු ජනපති පළමු උත්සවයට සහභාගී වෙයි! රණවිරු සැමරුමට එක්වෙන්න බත්තරමුල්ල රණවිරු ස්මාරකය ළඟට එයි! (PHOTOS)
2022-05-19T13:00:00+05:30
Gossip Lanka Hot News









