හිටපු අගමැතිතුමා ජනාධිපති ධුරය නිමා කළ අවස්ථාවේ දී දේශපාලනයෙන් ඉවත්වූයේ නම් ඉතාම හොඳ බවත් අද මේ සා දුක් කම්කොටොලු ප්‍රමාණයකට එතුමා මුහුණ දී ඇත්තේ සුදුසු වෙලාවේ දී අත්හැරී ප්‍රගුණ නොකළ නිසා බවත් ඔහුගේ දෙටු සොයුරු හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ අද පාර්ලිමේන්තුවේ දි පැවසුවේය.
මේ තීරණය නොගැනීම නිසා හිටපු අග්‍රාමාත්‍යවරයාගේ අවුරුදු 50ක දේශපාලන ජීවිතයම ව්‍යසනයට පත් වූ බව ඔහු කීවේය.
“මේ දේශපාලනයේ නිරත වෙනවා නම් අත්හැරීමත් පුරුදු විය යුතුයි. අපි මේ තනතුරු වලට ලෝභී වුනොත් මෙවැනි දේවල්වලට මුහුණ දෙන්න වෙනව. සුදුසු වෙලාවෙදි නියම වෙලාවෙදි මේවයින් ඉවත්වෙන්නත් අපි දැනගත්තොත් අපිට මේ දේශපාලනය කරන්න පුලුවන් වේවි. “
ඔහු පැවසුවේය.
