gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනාධිපතිවරයා පූර්ණ බලතල සහිත කාර්ය මණ්ඩල ප්‍රධානියෙක් පත්කරයි!

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පූර්ණ බලතල සහිත කාර්ය මණ්ඩල ප්‍රධානියෙක් පත් කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව අනුර දිසානායක මහතා සිය කාර්ය මණ්ඩල ප්‍රධානියා වශයෙන් පත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කොට තිබේ.

රාජපක්ෂ පවුලේ ප්‍රබලයන් දෙදෙනකු වන චමල් රාජපක්ෂ මහතා සහ ශෂීන්ද්‍ර රාජපක්ෂ යන මහත්වරුන් මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට උපදෙස් ලබා දී ඇති බවක්ද දැනගන්නට ඇත.

ජනාධිපති ධූරය බාරගැනීමෙන් පසුව ජනාධිපතිවරයා මුලින්ම සිය ලේකම්වරයා ලෙස පත්කර ගැනීමට සැලසුම් කර තිබුණේද අනුර දිසානායක මහතාය.

නමුත් පවුලෙන් එල්ල වූ පීඩනය හමුවේ මුල්වටයේදී පී.බී. ජයසුන්දර මහතා එමතනතුරට පත් කර ගැනීමට ජනාධිපතිවරයාට සිදුවිය.

ජයසුන්දර මහතාගේ ඉවත් වීමෙන් පසු එම තනතුරට නැවත වතාවක් අනුර දිසානායක මහතා පත්කර ගැනීමට සැලසුම් කළද ඒ අවස්ථාවේද රාජපක්ෂ පවුලෙන් දැනුම් දී තිබුණේ ගාමිණී සෙනරත් මහතා ජනාධිපති ලේකම්වරයා ලෙස පත් කරගන්නා ලෙසය.

අනුර දිසානායක මහතා එවකට අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ලේකම්වරයා ලෙස පත්වූයේ ඉන් අනතුරුවය.

ඒ අනුව මෙවර ජනාධිපතිවරයා පූර්ණ බලතල සහිතව අනුර දිසානායක මහතා සිය කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස පත් කිරීමට පියවර ගෙන ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka