ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය ගෙනඒමේ දී ගේම් ගැසීමට ඉඩ නොතබා එම සංශෝධනය ගෙන එන ලෙස ආණ්ඩුවේ සිට ස්වාධීනව වූ පක්ෂ 10ක නියෝජිතයින් අද අගමැති රනිල් වික්‍රමසිංහය පවසා ඇත.
ව්‍යවස්ථාවේ 18 -19 වැනි සංශෝධනය ගෙන ඒමේ දී අවසන් මොහොත තෙක් සාකච්ඡා කර එකඟ වූ කරුණු බොහෝමයක් එම සංශෝධවලින් උපක්‍රමශීලීව ඉවත් කර තිබූ බව සිහිපත් කර ඇති ඔවුන් 21 වැනි සංශෝධනයට එවැනි ඉරණක් අත් නොවන ආකාරයට වග බලාගන්නා ලෙස ඉල්ලීමක් කර තිබේ.
අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ දී පැවති මෙම සාකච්ඡාවට විමල් වීරවංශ උදය ගම්මන්පිල ඇතුළු පක්ෂ 10 නායකයින් හා ක්‍රියාකාරීන් සහභාගී වී ඇත.
දේශපාලන පක්ෂ 10 දීර්ඝ ලෙස සාකච්ඡා කර ඉදිරිපත් කළ යෝජනා නව ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් කර තිබෙනවා නම් ඒ සදහා පූර්ණ සහයෝගය දක්වන බවද මෙහිදී එම පක්ෂ ප්‍රකාශ කර තිබේ.
