EXCLUSIVE : පක්ෂ නායක රැස්වීම උණුසුම්! ආණ්ඩුව බෑ කියද්දී විපක්ෂය ජනපතිට එරෙහි විශ්වාසභංගය න්‍යාය පත්‍රයට දාගනී...17 වැනිදා විවාදයට දින දෙන්නත් එකඟ වෙයි!
අද පෙරවරුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති පක්ෂ නායක රැස්වීම දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ගෙන ඇති බව වාර්තා වේ.
ඒ සදහා හේතු වී ඇත්තේ ආණ්ඩුව නියෝජනය කරමින් ඊට සම්බන්ධ වූ පිරිස් ජනාධිපතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ආ නොහැකි බවට තර්ක කිරීම හේතුවෙනි.
කෙසේවෙතත් විපක්ෂය ඊට එරෙහිව දීර්ඝ ලෙස කරුණු දක්වා ඇති අතර පසුව අවසානයේදී එය න්‍යාය පුස්තකයට ඇතුළත් කර ගැනීමට විපක්ෂය සමත්ව තිබේ.
ඒ අනුව ලබන බදාදා නැවත පක්ෂ නායක රැස්වීමක් කැදවා 17 වැනිදා ආරම්භ වන පාර්ලිමේන්තු සතියේ කවර දිනක එය විවාදයට ගන්නේද යන්න තීරණය කිරීමට එකගතාව පළව ඇති බවද දැනගන්නට ඇත.
EXCLUSIVE : පක්ෂ නායක රැස්වීම උණුසුම්! ආණ්ඩුව බෑ කියද්දී විපක්ෂය ජනපතිට එරෙහි විශ්වාසභංගය න්‍යාය පත්‍රයට දාගනී...17 වැනිදා විවාදයට දින දෙන්නත් එකඟ වෙයි!
2022-05-09T11:54:00+05:30
Gossip Lanka Hot News