අද පෙරවරුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති පක්ෂ නායක රැස්වීම දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ගෙන ඇති බව වාර්තා වේ.
ඒ සදහා හේතු වී ඇත්තේ ආණ්ඩුව නියෝජනය කරමින් ඊට සම්බන්ධ වූ පිරිස් ජනාධිපතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ආ නොහැකි බවට තර්ක කිරීම හේතුවෙනි.
කෙසේවෙතත් විපක්ෂය ඊට එරෙහිව දීර්ඝ ලෙස කරුණු දක්වා ඇති අතර පසුව අවසානයේදී එය න්‍යාය පුස්තකයට ඇතුළත් කර ගැනීමට විපක්ෂය සමත්ව තිබේ.
ඒ අනුව ලබන බදාදා නැවත පක්ෂ නායක රැස්වීමක් කැදවා 17 වැනිදා ආරම්භ වන පාර්ලිමේන්තු සතියේ කවර දිනක එය විවාදයට ගන්නේද යන්න තීරණය කිරීමට එකගතාව පළව ඇති බවද දැනගන්නට ඇත.
